Sponsored

Sponsored

ලෝකයේම මානව හිමිකම් හොයන ඇමරිකාවත් වසර 16කට පසු මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න යයි


මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරිමට අමෙරිකානු ෆෙඩරල් රජය තීරණය කර ඇති බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ වසර 16ක විරාමයකින් අනතුරුවයි.
නිතිපති විලියම් බාර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ රැඳවියන් පස් දෙනෙකුගේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය කටයුතු සුදානම් කරන ලෙස තමන් බන්ධනාගාර කාර්යාංශයට අවශ්‍ය උපදෙස් නිකුත් කළ බවයි.
මෙලෙස මරණ දඩුවම නියමවි සිටින්නේ බාල වයස්කාර ළමුන් හා වැඩිහිටි කාන්තාවන් දුෂණය කිරිම සහ ඝාතනය කිරිමේ වරදකරුවන් බවට පත්ව ඇති පුද්ගලයින් පස් දෙනෙක් බවයි නිතිපතිවරයා සදහන් කරන්නේ.

මෙම වරදකරුවන් පස් දෙනාට එරෙහි මරණ දඩුවම මෙම වර්ෂයේ දෙසැම්බර් මාසයේදි සහ එළැඹෙන ජනවාරි මාසයේදි ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇත.
1988 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා කාල සිමාව තුලදි අමෙරිකානු ෆෙඩරල් අධිකරණය විසින් පුද්ගලයින් 78 දෙනෙකුට එරෙහිව මරණ දඩුවම පනවා ඇති අතර ඉන් පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇත. තවත් එලෙස දඩුවම් නියම කරනු ලැබු පුද්ගලයින් 62 දෙනෙක් සිරගතව සිටින බවයි සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙන්නේ.
 (under the courtesy of nethnews.lk news web)
Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.