Sponsored

Sponsored

සුදෝ සුදු දත් දෙප­ළක් ලබා ගන්නෙ මෙහෙ­මයි

feature-top
සුදු ම සුදු දත් දෙපළකට කවුරුත් කැමැති වුණත්, හැමෝටම සුදු ම සුදු දත් පිහිටන්නේ නැත.ඒකට හේතුව, අපේ ම වැරැදි පුරුදු විය හැකි ය. වැඩිපුර තේ,කෝපි ,පැණිරස බීම වර්ග පානය, දුම් පානය වැනි හේතු නිසා, දත් අවපැහැ වීමට පුළුවන.අවපැහැ දත් හැම විට ම හංඟාගෙන සිටිය නොහැකි ය. දන්ත වෛද්‍යවරයෙක් නැතුවම, ඒ සඳහා විසැඳුමක් හොයාගත හැකි සරල ක්‍රම කිහිපයකි මේ.

01. බේකින් සෝඩා - බේකින් සෝඩා ඉතාම ස්වල්පයක් ගෙන, වතුර සමඟ මිශ්‍ර කර, දත් මැදීමට පෙර බුරුසුවට දමා දත් මදින්න. එහෙමත් නැතිනම්, බේකින් සෝඩා ස්වල්පයක් ගෙන, දත්වල ආලේප කර විනාඩියක් පමණ තබන්න. ඒ වුණත්, එය කළ යුත්තේ පරෙස්සමිනි. එයට හේතුව, ඒවා වැඩිපුර භාවිතයෙන්, එනැමලයට හානි සිදු විය හැකි නිසා ය.

02. පලතුරු ලෙලි : කෙසෙල් ලෙලි හෝ දොඩම් ලෙලි ගෙන, ඇතුළු පැත්ත දත් දෙපෙළේ හොඳින් අතුල්ලන්න. ලෙලි ආලේපයෙන් මිනිත්තු කිහිපයකට පසු, දත් ටික සුපුරුදු පරිදි මැදගන්න.ඒ සඳහා දන්තාලේපන අවශ්‍ය නොවේ.සතියකට දෙවරක්වත් මේ ප්‍රතිකර්මය කරන්න.

03. සුදු දත් දෙපෙළකට ඔබේ ආහාර සකස් කර ගන්න : හොඳින් හැපෙන ආහාර වර්ග, ඔබේ දෛනික ආහාර වේලට එකතු කර ගන්න.ඇපල්, කැරට් හා සැල්දිරි වගේ දේ ඒ සඳහා යෝග්‍ය ය.තරමක් තියුණු එම ආහාර වර්ග හැපීමෙන් සහ එම ආහාර වර්ග ඔබේ කට පුරා එහා මෙහා ගමන් කිරීමෙන්, දත්වල ඇතිල්ලීමක් සිදු වේ. එමඟින්, දත්වල එනමලයට කිසිඳු හානියක් සිදු නොවේ. කිරි සහිත ආහාර වර්ග ඔබේ ආහාර වේලට එකතු කර ගැනීම, සුදු දත් දෙපෙළකට හොඳ ප්‍රතිකර්මයකි.

04. ඔලිව් තෙල් : ඔබගේ සාමාන්‍ය දත් මැදීමට මිනිත්තු දෙක තුනකට පමණ පෙර, ඔලිව් තෙල් ටිකක් ගෙන, පිරිසුදු රෙදි කඩකින් හෝ කපු පුළුන් කැබැල්ලක් මගින් දත්වල ආලේප කරන්න.දැන් සුපුරුදු පරිදි දත් මදින්න.

05. දත් පිරිසුදු කිරීම : Floss කිරීම , නැතිනම් සෞඛ්‍යාරක්ෂිත සිහින් නූලක් මඟින් දත් දෙපෙළ නිතර පිරිසුදු කරනවා නම්, දත් අතරේ ආහාර කැබැලි හෝ වෙනත් දේ රැඳීමට ඇති ඉඩකඩ අවම වේ. බටහිර රටවල අය කෑමෙන් පසුව අනිවාර්යයෙන් ම මේ ප්‍රතිකර්මය සිදු කරයි. දත් බෙහෙත් ටිකක් එකතු කරලාම මේ ප්‍රතිකර්මය කරනවා නම්, සුදෝ සුදු බවක් විතරක් නෙමෙයි, නැවුම් බවකුත් ලබා ගන්න පුළුවන් වේවි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.