Sponsored

Sponsored

වෙනස් ම විදියකට නූඩ්ල්ස් කමු ද?

feature-top
පහසුවෙන් සහ අඩු කාලයකින් පිළියෙළ කරන්නට පුළුවන් ආහාර වර්ග අතර නූඩ්ල්ස් ඉදිරියෙන් ම සිටින ආහාරයක්. හැමදා ම එකම විදියට නූඩ්ලස් තම්බා තෙම්පරාදු කර ආහාරයට‍ ගන්නා ඔබේ පවුලේ අයට අලුත් විදියකට නූඩ්ලස් හදා දෙන්න ඔන්න දැන් ඔබටත් පුළුවන් වේවි. මේ කියන්න යන්නේ, නූඩ්ල්ස් පැටී හදන විදියයි.

ඕනෙ වෙන්නේ මෙච්චරයි.

    බෙරි නොවන ලෙස තම්බාගත් නූඩ්ල්ස්
    තම්බා සිහින් කැබලි ලෙස පොඩි කරගත් අල
    චොප් කරගත් ලූණු
    චොප් කරගත් අමුමිරිස්
    ලුණු
    ගම්මිරිස්

ඔබේ පවුලේ සාමාජිකයන් සංඛ්‍යාවට ප්‍රමාණවත් වන තරමට නූඩ්ල්ස් සහ අල යොදාගන්නට ඔබ දක්ෂ විය යුතුයි. ඉහත ද්‍රව්‍ය සියල්ලම හොඳින් මිශ්‍ර කර කට්ලට් ආකාරයේ මිශ්‍රණයක් සකස් කරගන්න.

පින්තූරයේ පෙනෙන ආකාරයට නූඩ්ල්ස් පැටියෙහි හැඩය අතින් සකස් කරගන්නට පහසු වන තරමට අල යොදා ගැනීම සුදුසුයි.

ඉන් පසු තෙල් දමාගත් නන්ස්ටික් පෑන් එකක් යොදාගෙන දෙපැත්ත ම රන්වන්පාට වන තුරු බැදගන්න.

ඔබේ කැමැත්ත අනුව මේ නූඩ්ල්ස් මිශ්‍රණයට තම්බා පොතු ඇර පොඩිකරගත් ඉස්සන්, පක්චෝයි, කැරට්, බිත්තර, සිහින්ව ලියාගත් තක්කාලි ආදී රස වැඩිකරන අමතර එකතුකිරීම් ද අත්හදා බැලිය හැකියි.

කොහොම හැදුවත් නිවෙන්නට කලින් උණු උණුවෙන් ම රාත්‍රී කෑම මේසයට හෝ උදේ කෑම මේසයට යවන්නට නූඩ්ල්ස් පැටී හරි අපූරු රසවත් කෑමක් වන බව නම් නිසැකයි.

(under the courtesy of sithmalyaya.com web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.