Sponsored

Sponsored

යුද ගිනි දැල් මැද ඉපදී පවුලේ අයගෙන් තනි වී නෙට්බෝල් වෙනුවෙන් ජීවිතය කැප කර මව්බිම දින වූ වීරවරිය තර්ජිනි ශිවලිංගම් ගැන ඔබ නොදත් කතාව - Video & Photos


2018 ආසියානු දැල් පන්දු කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (09) සමත් වුණා. ඒ අවසන් මහ තරඟයේදී සත්කාරක සිංගප්පූරුව ලකුණු 69 කට 50 ලෙස පරාජය කරමින්.මෙය ශ්‍රී ලංකාව දිනාගත් පස්වන ආසියානු දැල්පන්දු ශුරතාවයද වනවා.

අපේ රටේ අභිමානය සමස්ත ආසියාවටම පෙන්වමන් සිංගප්පූරු කණ්ඩායම පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන යන්නට අති විශිෂ්ඨ සේවයක් සිදු කළ ක්‍රීඩිකාව වූයේ පන්දු විදින ක්‍රීඩිකා තර්ජිනි ශිවලිංගම් ය.ඒ ඇය අනෙක් ක්‍රීඩිකාවන් හා සැසදීමේදී උසින් වැඩි වීමත් ඇය හා කරටකර ක්‍රීඩා කරන්න වෙනත් රටක ක්‍රීඩිකාවක් නොමැති වීමත් නිසාවෙන්ය.


මවුබිමට අභිමානයක් ගෙන දුන් තර්ජිනි ශිවලිංගම්ගේ ක්‍රීඩා දිවි ගමන ඉතාමත් කටුකයි. බාධක රාශියක් මැද ඇය ආ ගමන් මඟ අප කාටත් ආදර්ශයක් වන නොවනුමානයි.

ලෝකයේ උසම නෙට්බෝල් ක්‍රීඩිකාව වන තර්ජිණි අඩි 6ක් සහ අගල් 10ක උසින් යුක්තය. 1980 උපන් තර්ජිනි 38 හැවිරිදිය. උතුරු පළාතේ උපත ලද සිය පවුල සහ සමීපතමයන්ද නොමැතිව කොළඹ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වන්නේ මවුබිම වෙනුවෙන් නෙට්බෝල් ක්‍රීඩා කිරීමට නම් කොළඹ ප්‍රදේශයේ ජීවත්ව සිටිය යුතුය. ඇය මවුබිමට මෙතරම් අභිමානයක් ගෙන එන්නේ එලෙස කටුක දිවියක් ගත කිරීම තුලිනි.

ඇයගේ නෙට්බෝල් දිවියේ හොදම කාළයේ ලොව හොදම නෙට්බෝල් ක්‍රීඩිකාව බවට පත්වීමට තර්ජිනිට හැකි විය. 2011 ලෝක ශූරතා නෙට්බෝල් තරගාවලියේදි ඇය ශ්‍රී ලංකා නායිකාව ලෙසින් කටයුතු කරමින් ලොව හොදම දැල් පන්දු විදින්නිය ලෙස සම්මානයට පාත්‍ර වූයේය.

කෙසේ වෙතත් බලධාරීන්ගේ නොපනත්කම් හේතුවෙන් ඇයට කලක් ජාතික කණ්ඩායමෙන් ඉවතට විසි වීමටද සිදු විය. එම නිසාම ඇය ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කිරීමටද කලක් විදෙස් ගතවද සිටියේය. අවසානයේ සුදුස්සාට සුදුසු තැන ලැබුනු පසු සිය දක්ෂතා පෙන්වමින් මවුබිමට ආසියානු කුසලානය දිනවා දීමට ඇය සමත් විය.

යුධ ගිනි දැල් නිවුනු රටක ත්‍රස්තවාදීන්ගෙන් පීඩිතව තුවක්කු ඔසවා සිටි උතුරු පළාතේ දැරියන් දැල් පන්දුව ඔසවන යුගයක් දැන් නැවතත් ඇතිව තිබේ.

උතුරු පළාතේ ඉපදී රටට මෙතරම් අභිමානයක් ගෙන එන්න තර්ජිනි ශිවලිංගම් කළ කැපකරීම් හා බාධක රාශියක් මැද ඇය ආ ගමන් මඟ අප කාටත් ආදර්ශයක්..ඔබට අපගේ උපහාරය...



Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.