Sponsored

Sponsored

ගුරුවරියන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදුවක්


feature-top 
ප්‍රසූත නිවාඩු ලබා ගන්නා ගුරුවරියන්ට අර්ධ වැටුප් සහිත නිවාඩු ලබා ගැනීම බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් අවලංගු කර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ පළාත් අධ්‍යාපන ලේකම්වරයා ගෙන ඇති මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් ගුරුවරියන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා පවසන්නේ දින 84කින් සැහීමකට පත් වි නැවත රාජකාරි සඳහා වර්තා කරන මෙන් ඉල්ලීමක් පමණක් සිදු කරන බවය.

නිවාඩු අවශ්‍ය බවට වෛද්‍ය වාර්තාවක් තිබෙනම් පමනක් ඉතිරි නිවාඩු දින ලබා ගැනිම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.

වසරක් පමන නිවාඩු ලබා ගත්විට එම ගුරුවරියට භාර පංතියේ ළමුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කිරිමට ගුරුවරයෙකු නොමැති බව ද අමාත්‍යවරයා පැවසීය.

එම ගැටලුවට කිසිදු විසදුමක් නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ පෞද්ගලික අංශයේ මව්වරුන් දින 84න් නැවත රාජකාරියට පැමිනෙන්නේ නම් රාජ්‍ය අංශයේ මව්වරුන්ට එසේ පැමිනිමට නොහැකි වන්නේ ඇයිද යන්නයි.

(under the courtesy of lankaleadnews.com web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.