Sponsored

Sponsored

සිංගප්පූරු වරාය පරදවමින් කොළඹ වරාය ප්‍රථමස්ථානයට පත්වේ !

Alphaliner වාර්තා වලට අනුව කොළඹ වරාය 2018 පළමු අර්ධය තුල ලෝකයේ ප‍්‍රධාන බහලූ මෙහෙයුම් වරායයන් 30 අතර පළමු ස්ථානයට පත් ව තිබේ. 2018 පළමු අර්ධයේ බහලූ මෙහෙයුම් 15.6% ක වර්ධනයක් පෙන්නුම් කරයි. එය පසුගිය වසරට සාපේක්‍ෂව ගත් කළ සුවිශේෂි වර්ධන තත්ත්වයකි. මෙය කොළඹ වරාය ලැබු සුවිශේෂි ජයග‍්‍රහණය වන්නේ ප‍්‍රධාන යුරෝපියානු වරායයන්, ඩුබායි හා ආසියානු වරායයන් ද අතරින් මෙම විශිෂ්ඨත්වයට පත්වීමට හැකිවීම තුළිනි.
ඇල්ෆාලයිනර් (Alphaliner) වාර්තාවලට අනුව, බහලූ මෙහෙයුම් වාරයයන් අතර මෙතෙක් ප‍්‍රමුඛස්ථානයේ පසු වූ සිංගප්පූරු වරාය 11.6% වර්ධනයක් පෙන්නුම් කරමින් දෙවන ස්ථානය ද, 8.6% ක වර්ධනයක් පෙන්නුම් කරන ගොන්ෂු (Guangzhou) වරාය තෙවන ස්ථානය ද, 8.3% අගයක් හිමිකර ගත් බෙල්ජියමේ ඇන්ටවීජ (Antwerp) වරාය සිව්වැනි ස්ථානයට ද, 7.6% අගයක් පෙන්නුම් කරන චීනයේ සියාමෙන් (Xiamen) වරාය පස්වන ස්ථානයටත් පත්ව තිබේ.
වරාය හා සමුද්‍රීය සේවා හා සම්බන්ධ වරාය අධිකාරීත්වය, පර්යන්ත මෙහෙයුම්කරුවන්, සේවා සැපයුම් ආයතන මූල්‍ය ආයතන ආදි දත්ත මත පදනම් කර ගනිමින් ඇල්ෆාලයිනර් වාර්තා සකස් කිරීම සිදුකෙරේ. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය සිදු කරන ජයබහලූ පර්යන්තයක් (JCT), SAGT පර්යන්ත හා CICT පර්යන්තය අතර පසුගියදා සිදු කරන ලද කොළඹ වරාය ප‍්‍රවර්ධනය කිරීමේ අවබෝධතා ගිවිසුම යටතේ පර්යන්ත ත‍්‍රිත්වය සාමුහිකව බහලූ මෙහෙයුම් කටයුතු ක‍්‍රියාත්මක කරනු ලබන අතර, මෙහෙයුම් කටයුතුවල කාර්්‍යක්‍ෂමතාවය වර්ධනය කර ගැනීම මගින් සියලූ ජාත්‍යන්තර බහලූ මෙහෙයුම් සේවාවන් වෙත ඵලදායි සේවාවක් ලබා දීම සිදුකෙරේ.
වත්මන් රජයේ වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමාගේ විශිෂ්ඨ නායකත්වයත්, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතාගේ නිසි කළමණාකාරීත්වයත්, වරාය මෙහෙයුම් ක‍්‍රියාවලියට සම්බන්ධ සියලූම පාර්ශවයන්ගේ යහපත් දායකත්වය තුළින් ජයබහලූ පර්යන්තය ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය වසරවලට සාපේක්‍ෂව කඩිනම් සංවර්ධනයක් කරා ලඟා වීමට හැකිවිය.
2017 වසරේ දී කොළඹ වරාය බහලූ මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයකට එළැඹෙමින් බහලූ මෙහෙයුම් මිලියන 6.2 සීමාව ඉක්මවීමට ද සමත් වූ අතර Drewry වරාය සම්බන්ධතා දර්ශකය වරායයන් 20 අතර 13 වැනි ස්ථානය හිමිකර ගැනීමට ද සමත්විය. 18 වැනි ස්ථානයේ පසු වූ කොළඹ වරාය 2017 සිව්වැනි කාර්තුවේ දී මෙලෙස වරායයන් 5 ක් අභිබවා මුල් පෙළට පැමිණීම සුවිශේෂිතය. තවද, Drewry වරාය සම්බන්ධතා දර්ශකය අනුව කොළඹ වරාය ආසියාවේ විශිෂ්ඨතම සම්බන්ධිත වරාය බවට පත්ව ඇත.
එමෙන්ම, කොළඹ වරාය ලෝකයේ සමුද්‍රික සිතියම තුළ ස්වකීය ස්ථානය කරා යමින් ග්ලෝබල් පෝර්ට් ෆෝරම් (GPF) 2018 වසරේ වරාය අධිකාරිය සම්මානය දිනා ගැනීමට ද සමත් විය.
– නලින් අපොන්සු

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.