Sponsored

Sponsored

යාපනයේ හින්දු කෝවිලකට ඇතුළු වූ පිරිසක් කෝවිල හා දේව රූප සම්පූර්ණයෙන්ම කඩා විනාශ කරලා

 
යාපනය චුණ්ඩික්කුලි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලකට ඊයේ (25) රාත්‍රියේ ඇතුල් වූ පිරිසක් විසින් අදාළ කෝවිල සම්පූර්ණයෙන්ම කඩා දේව රූපද විනාශ කොට පළා ගොස් ඇති බවට ප්‍රදේශවාසීහු පවසති.
චුණ්ඩික්කුලි මූලායි මාර්ගයේ පිහිටි ශ්‍රී වයිරවර් හින්දු කෝවිල හා දේව රූප මෙසේ විනාශ කොට ඇති අතර කෝවිලේ සියලුම බිත්ති බිමට සමතලා කොට දේව රූප  කිහිපයක් විනාශ කොට තවත් දේව රූප කිහිපයක් රැගෙන ගොස් ඇත.
කෙසේ වෙතත් අදාළ  කෝවිල අවට ප්‍රදේශවාසීහු  පවසා සිටියේ කෝවිලේ ප්‍රධාන පූජකවරයා  හා තවත් පිරිසක් අතර ඇති ආරවුල් දුර දිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බවටත් විශාල පිරිසක් වන්දනාමාන සිදු කරන ලද කෝවිල කඩා විනාශ  කරවුන්ට එරෙහිව නීතිමය පියවර වහාම ගත යුතු බවටත්ය.
අදාළ  කෝවිල කඩන ලද පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හෙළි වී නොමැති අතර යාපනය පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පරික්ෂණයක් අරඹා ඇත.
මීට පෙරද යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක කිතුණු දේව සුරුවම්ද කිසියම් පිරිස් විසින් කඩා විනාශ කිරිම් කිහිපයක් වාර්තා වී ඇති බවටද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 (under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.