Sponsored

Sponsored

නියගයෙන් විල්පත්තුවට දැඩි බලපෑමක් (PHOTOS)



පුත්තලම, අනුරාධපුර, මන්නාරම යන දිස්ත්‍රික්කයන් මධ්‍යයේ පිහිටා ඇති විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන සිවුපාවුන් පවතින අධික නියගයෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.
හෙක්ටයාර් එක්ලක්ෂ තිස්තුන් දහස් හයසිය හතක භුමි වපසරියකින් යුක්ත වූ මෙම ජාතික  වනෝද්‍යානය පෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමකින් සමන්විත විශාලතම ජාතික  වනෝද්‍යානයක් වන අතර අලි, කොටි, වළසුන්,  උරගයින්, උභය ජීවින් ඇතුළු බහුතරයක් වන සතුන් සිය වාස භුමිය බවට පත්ව තිබීම මෙහි සුවිශේෂ වූ ලක්ෂණයක් වනවා.
මෙහි විශාල ප්‍රමාණයේ විල්ලු රාශියකින් සම්පූර්ණ වී තිබීම නිසාවෙන් සතුන්ගේ දිය පහසුව ඉන් පහසුවෙන් සිදුවුවද මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියං තත්ත්වය හේතුවෙන් මේ වන විට එහි විල්ලු රැසක ජලය සිදි වියළි ඉරිතැලී ගොස් තිබෙනවා. විල්ලු අතරින් ප්‍රමුඛස්ථානයක්  ගන්නා විල්ලු වන මයිලවිල්ලුව, මයිලනාගවිල්ලුව, පෙරිය විල්ලුව, පෙරිය උප්පු විල්ලුව, සින්න උප්පු විල්ලුව යන විල්ලු සමූහය සම්පූර්ණයෙන් සිදී ගොස් තිබීම නිසාවෙන් වන සතුන් දැඩි පීඩාවට පත්ව තිබේ.
එම නිසාවෙන් මේ වන විට වනජිවි දෙපාර්ත්තුමේන්තුව මේ දිනවල කෘතිම දිය වළවල් ඉදිකර දෛනිකව ඒ සදහා බවුසර් රථ මගින් ජලය සැපයීම සිදුකලද සතුන්ට ප්‍රමාණවත් ජලයක් නොලැබීම හේතුවෙන් සතුන් බහුතරයක් ජාතික  වනෝද්‍යානයේ වෙනත් ස්ථාන කරා සංක්‍රමණය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.
දරුණු නියං තත්ත්වය හේතුවෙන් වන අලියන් රංචු වශයෙන් රාත්‍රි කාලයේදී දිය සොයා ගම්බිම් වෙත ඇදී ඒමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. එසේ ගම්බිම් වෙත පැමිණෙන වන අලියන් භව බෝගවලටද විශාල වශයෙන් අලාභ හානි සිදුකර උදෑසන කාලයේදී නැවතත් ජාතික  වනෝද්‍යානය බලා පිටත්ව යාමට ඔවුන් හුරුව සිටියි.



 (under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.