Sponsored

Sponsored

ඔ්මන්තේදී සෙබලියක් වට කර පහර දෙති..

feature-top
ඕමන්ත පුදිය වේලාර් සින්නකුලම් ප්‍රදේශයේදී ඊයේ(16) දින සිවිල් ආරක්ෂක බලකා සෙබලියකට හා ඇගේ සොහොයුරාට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දිනම අත්අඩංගුවට ගත් බවට ඕමන්ත පොලීසිය පවසයි.

අදාල සිවිල් ආරක්ෂක බලකා සෙබලිය සිය සේවා කටයුතු නිම වී සවස නිවස බලා එමින් සිටින අවස්ථාවේදී මෙම පහරදීම සිදු කොට ඇති අතර සෙබලියට පහරදුන් පිරිස වලක්වාලීමට ගිය සෙබලියගේ සොහොයුරාටද අදාල පිරිස් විසින් අමානුෂිකව පහර දී ඇති බවට පොලීසියට වාර්ථා වී ඇත.

පහරකෑමට ලක් වූ සෙබලිය පවසා ඇත්තේ තමන්ට පහරදුන් පිරිස බීමතින් සිට පහරදුන් බවටත් එහිදී තමන් ආරක්ෂක අංශයේ සේවය කිරීම නවතන ලෙසට තර්ජනය කරමින් අදාල පිරිස් විසින් පහරදුන් බවටත්ය.

පහරකෑමට ලක් වූ සිවිල් ආරක්ෂක බලකා සෙබලිය හා ඇගේ සොහොයුරා වවුනියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන අතර අදාල පහරදීම ඔම්න්ත පොලීසියට වාර්ථා වූ අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ ඕමන්ත පොලීසිය විසින් පහරදීම සිදු කරන ලද පිරිසෙන් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දිනම අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.