Sponsored

Sponsored

"මුස්ලිම් කාදි උසාවිය කාන්තාවන්ට අසාධාරණ කරනවා" කාදි උසාවියට එරෙහිව මුස්ලිම් කාන්තාවන්ම පෙරට එයි.!

feature-top
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය මේ දිනවල කතාබහට ලක්ව තිබෙනා මාතෘකාවක්. මෙරට මුස්ලිම් විවාහ නීතියට අනුව මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් කටයුතු කරනුයේ මෙරට ස්ථාපිත අධිකරණ පද්ධතියෙන් නොවනා අතර කාදි උසාවිය නම් ස්ථානයක් මගිනි.

කෙසේ වෙතත් මෙම කාදි උසාවි පද්ධතිය මගින් මුස්ලිම් කාන්තාවන් දැඩි අසාධාරණයට ලක්වන බව වාර්තා වනවා. මෙම කාදී උසාවිය මගින් අසාධාරණයට ලක්වූ කාන්තාවන් මේ වනවිට එම අධිකරණයට එරෙහිව ඉදිරිපත් වෙමින් තිබේ.

මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි නෝනා නජීමා නැමැති කාන්තාවක් පවසන්නේ කාදි උසාවිය මගින් සිය දික්කසාදයේදි තමන්ට හා තම ආබාධිත දරුවාට දැඩි අසාධාරණයක් කළ බවයි. සිය අබාධිත දරුවා සමග තමන් දික්කසාද කිරීමේදි පැනවූ නඩත්තු මුදල පවා නොගෙවා සිටීමට සිය සැමියාට මෙම කාදි උසාවි‍යෙන් අවස්තාව හිමි වූ බව නජීමා පවසනවා.

එහිදි ඇය පවසන්නේ මෙම කාදි උසාවියෙන් කාන්තාවන් දැඩි ලෙස අසාධාරණයට ලක් වන අතර සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව පවා මේ තත්ත්වයන් සම්බන්ධයෙන් ක්‍රියා නොකර එම ක්‍රියා අනුමත කරමින් සිටිනා බවයි.
(under the courtesy of nethgossip.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.