Latest Post

Sponsored

Sponsored

feature-top         
     
විද්‍යාත්මක ද්විත්ව නාමකරණය පිළිබඳව ඉතිහාසයේ කිසිදු අවස්ථාවක වාර්තා නොවූ උනන්දුවක් ශ්‍රී ලාංකික සමාජය තුළ මේ වන විට නිර්මාණය වී තිබේ.

ඒ, අලුතින් සොයා ගන්නා ලද ශ්‍රී ලංකාවට ආවේණික හූනන් 6 දෙනෙකු ශ්‍රී ලංකාවේ අතීත විරුවන්ගේ නම් ආශ්‍රයෙන් විද්‍යාත්මක නාමකරණයට ලක් කිරීමක් සම්බන්ධයෙන් පළවූ වාර්තා හේතුවෙනි.

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතරින් ඇතැමෙකු මෙම නම් කිරීම දැඩි ලෙස විවේචනය කර තිබූ අතර ඇතැමෙකු එය සාධාරණීකරණය කරමින් අදහස් පළ කර තිබිණි.

මෙහි සත්‍ය අසත්‍යභාවය පිළිබඳ මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ වැඩි ම සංඛ්‍යාවක් ලොවට හඳුන්වා දුන් සත්ත්ව පර්යේෂකයා වන මෙන්ඩිස් වික්‍රමසිංහ සිය අදහස් ඉදිරිපත් කළේය.

එහිදී ඔහු සඳහන් කළේ යම් ජීවියෙකු ද්විත්ව නාමකරණය කිරීමේදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයක් පවතින බවත්, එම නාමකරණය යමෙකුට ගෞරව කිරීම සඳහා මිස අපහස කිරීමට සිදු කරන්නක් නොවන බවයි.

මේ ඔහු ඒ පිළිබඳව විස්තර කළ ආකාරයයි.
(under the courtesy of nethnews.lk news web)
 ==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

feature-top     
     
තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නිසා ඒ සඳහා සහයෝගය ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා දෙමළ ජාතික සංධානයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ දෙමළ ජාතික සංධාන නායක ආර් සම්බන්ධන් මහතා සමග පැවති සාකච්චාවකදීය.

ඇමති මංගල සමරවීර මහතා විසින් මෙම හමුවේ ඔහුගේ නිවසේ දී සංවිධානය කර තිබිණි.

අදාළ ඉල්ලීමට පිළිතුරු ලෙස සම්බන්ධන් මහතා පවසා තිබුණේ තම පක්ෂයේ සහයෝගය ඉල්ලීමට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වී පැමිණෙන ලෙසයි.
(under the courtesy of lankacnews.com news web)
==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

feature-top         
     
තමන්ට ඒදණ්ඩෙන්ද යාහැකි බවත් ජන දුක තමන් හදුනන බවත් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

රජකමට සුදුසුකම් ලබන්නට පෙර ජන දුක කදුල වේදනාව හදුනාගත යුතුව ඇති බවද ඔහු පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ හම්බන්තොටදී පැවති පාලමක් විවෘත කිරීමේ උත්සවයක් අමතමිනි.

කෙසේ වෙතත් ඇමතිවරයා පාලම තිබෙද්දී ඒදණ්ඩෙන් එගොඩ වීම ගැන සමාජ ජාලාවන්හි උපහාසය පල වෙමින් ඇත.
(under the courtesy of lankacnews.com news web)
 ==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

feature-top
     
ඇමරිකානු රජය හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කිරීමට මුල් වූයේ හිටපු මේජර් ජෙනරාල්වරයකු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදුන් පිටු 200 ක දිවුරුම් ප්‍රකාශය නිසා බව අනාවරණය වී ඇත.

මෙම හිටපු මේජර් ජෙනරාල්වරයා වන්නි මෙහෙයුමේ සියලු මෙහෙයුම් කටයුතු සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ දුන් විධාන භාරව සිටියේ තමා බව එම දිවුරුම් ප්‍රකාශයෙන් සඳහන් කර තිබේ.

මෙම දිවුරුම් ප්‍රකාශය ගැන හමුදා බලධාරීන්ට වසන් වී තිබණි.

මේ දිවුරුම් ප්‍රකාශය ලබාදුන් හිටපු මේජර් ජෙනරාල්වරයා 2015 ජනාධිපතිවරණ සමයේ මෙරටට පැමිණ සිය නම වෙනස්‌ කරගෙන ඇත.

පසුව යහපාලන රජය යටතේ ඔහුට තානාපති ධුරයක්‌ ද ලබාදී තිබුණි.

දකුණු පළාතේ හිටපු ශ්‍රීලනිප ඇමැතිවරයකුගේ මස්‌සිනා වූ මෙම නිලධාරියා තානාපති ධුරය ලබාගෙන ඇත්තේ සිය අලුත් නමින් බව හෙළි වී ඇත.

මේ අතර වන්නි මෙහෙයුමේ කටයුතු සහ හිටපු ආරක්‍ෂක ලේකම්ගේ විධානයන් භාරව තමා සිටි බවට ඔහු කර ඇති ප්‍රකාශය අමූලික බොරුවක්‌ බව ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසීය.

මෙකී දිවුරුම් ප්‍රකාශය ගැන රජය හෝ හමුදාව ඔහුට එරෙහිව රාජ්‍ය රහස්‌ පනත යටතේ විමර්ශනයක්‌ ආරම්භ කර නැත.
(under the courtesy of lankacnews.com news web)
 ==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

feature-top         
     
එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් විරෝධි කණ්ඩායමේ ප‍්‍රබලයෙකුගේ දුෂණ වංචා ඇතුලත් ලිපි ගොනුවක් විපක්‍ෂයට බාර දී ඇත.

රනිල් වික‍්‍රමසිංහ මහතාට හිතවාදී ජ්‍යෙෂ්ට ඇමතිවරයෙක් විසින් පාර්ලිමේවන්තුවේදී මෙම ලිපිගොනු බාර දී ඇති බව වාර්තා වෙයි.

මෙම චෝදනාවන්ට විශාල ප‍්‍රසිද්ධියක් දෙන ලෙසද එම ඇමතිවරයා කන්ද උඩරට නියෝජනය කරන විපක්‍ෂ ප‍්‍රබලයෙකු අතට ගිපිගොනු බාර දෙමින් ඉල්ලා ඇත.
(under the courtesy of lankacnews.com news web)
==Sri Lankan Hot News,News,Latest news,gossip,Sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

feature-top         
     
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාගේ විවාහය එළැඹෙන 12 වැනිදා වීරකැටිය මැදමුලනේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නාමල්ගේ අත ගන්නා මනා දේ වන්නේ ව්‍යාපාරිකයෙක් ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන තිලක් වීරසංහ මහතාගේ දියණිය වන ළිමිණි වීරසිංහ මෙනවියයි.

මෙම මංගල උත්සවය සඳහා සියලු මැති ඇමතිවරුන් ඇතුළු විශාල අමුත්තන් පිරිසකට දැනටමත් ආරාධනය කර ඇත.
(under the courtesy of lankacnews.com news web)
 ==Sri Lankan Hot News,News,Latest news,gossip,Sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

feature-top
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගීවෙන උත්සවවල දී ඔහු ප්‍රකාශ කරන දෙයක් හැර, ඔහුට ප්‍රශ්න යොමුකර පිළිතුර ලබා ගැනීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා නොදීමට තීරණය කර ඇතැයි දැන ගන්න තිබේ. ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර මාධ්‍යවේදීන් ක්ෂණිකව යොමු කරන ප්‍රශ්නයකට පිළිතුරු දීමේ දී නොගැළපෙන හෝ මතභේදයට තුඩු දෙන යමක් ප්‍රකාශ කළ හොත් එය මැතිවරණ ව්‍යාපාරයට තදින් බලපෑ හැකි බව ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයන් කළ දැනුම් දීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ඍජුව සහයෝගය ලබාදෙන පෞද්ගලික මාධ්‍යය ආයතනවල ප්‍රධානීන් ඔවුන්ගේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ට ද මෙම තත්ත්වය දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි.

ජනපති අපේක්ෂක ලෙස පත් වූ පසු සිදුකරන මෙම මාධ්‍යය තහංචි කිසියම් හේතුවකින් බලයට පැමිණිය හොත් කෙළෙස ක්‍රියාත්මක වේද යන්න සම්බන්ධව මේ වනවිටත් මධ්‍යයේ කතා බහට ලක්ව තිබේ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි
==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

feature-top 
ඔබ සිතයි ඒක කරන්න පුළුවන්ද කියලා. ඔව්... ඇත්තටම පුළුවන්. ගේ ඇතුළත වාගේම නාන කාමරයේ ද විවිධ පැළෑටි තැබිය හැකියි. ඉන් දෑසට සුන්දරත්වයක් ගෙන එනවා පමණක් නොව නාන කාමරය ඇතුළත වාතාශ්‍රය පිරිසිදු කිරීමක් ද සිදු කරයි.
පැළෑටි ‍තෝරා ගැනීමේදී අඩු ආලෝක ප්‍රමාණයක් අවශ්‍ය පැළෑටිවලට මුල් තැන දිය යුතුය. එමෙන්ම තෙතමනය අධික පරිසරයක හොඳින් වැඩෙන පැළෑටි ද නාන කාමරයක් තුළ තැබීම වඩා සුදුසුයි. වැඩිපුර උස නොයන ගස් වර්ග තෝරා ගැනීම ද වැදගත්. උණ, කෝමාරිකා, ඕකිඩ් ආදිය වඩාත් සුදුසුයි. කෝමාරිකා වැනි ශාකයක් මල් පෝච්චි දෙක - තුනක හිටුවා තැබුවත් කමක් නැ. මොකද නාන කාමරයේ විෂ බීජ කෝමාරිකා පැළෑටිය හරි අපූරුවට අද්ද ගන්න නිසා..
==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

feature-top       
     
ජාතික ජන බලවේගය සංවිධානය විසින් තම ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය යටතේ බව වාර්තා වෙයි.

කුසලානය ලකුණෙන් යුතු මෙම සන්ධානය ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ මහලේකම් ධුරයෙන් යුක්ත වූවකි.

ඉදිරි ජනාධිපතිවරණයට පෙර කුසලානය ලකුණ ඉවත්කර වෙනත් ලකුණක් ඉදිරිපත් කිරීමට අවධානය යොමු කර තිබේ.

මෙම කාල සිමාවේ නව දේශපාලන පක්ෂ හෝ පෙරමුණු සන්ධාන ලියාපදිංචි කළ නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web) ==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

feature-top         
     
එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ඇතුළු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් මේ සතියේදී පැවැත්වෙනවා.

ඔවුන්ගේ අරමුණ වන්නේ ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා මේ සතිය තුළදී රට හමුවේ අනාවරණ කිරීමයි. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක ප‍්‍රකාශ කළේ ඊට අදාළ තීරණාත්මක හමුවක් අද (26) දිනයේ ද පැවැත්වීමට නියමිතව ඇති බවයි.

අපේක්ෂකයා මෙන්ම නව සන්ධානය සම්බන්ධයෙන් ද අනිවාර්යයෙන්ම මෙම සතිය තුළ තීරණයක් ගත යුතු බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

එහිදී "අපිට තව පරක්කු කරන්න නෑ. මේ මාසේ අවසන් වෙන විට ඒ කටයුතු ඉවර වෙන්න ඕනේ. මේ එළඹුන සතිය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ගැටුම් හදාගෙන ප්‍රශ්න හදාගෙන මේක කරන්න බෑ. " යනුවෙන් සඳහන් කළා.

එක් පක්ෂයකට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීම අපහසු කටයුත්තක් බවත්, ඒ සඳහා පුළුල් සන්ධානයක් අවශ්‍ය බවත්, මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. අලුත් ඡන්ද සහ පාවෙන ඡන්ද ද, දිනා ගත හැකි අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය සම්බන්ධයෙන් එහි පක්ෂ නායකයින් අතර මීට පෙර ද, සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා.

(under the courtesy of nethnews.lk news web) ==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

feature-top   
     
ඇමසන් වනාන්තරය තුළ පැතිර ඇති ගිනිදැල් නිවා දැමීමට කැපවන්නැයි ශුද්ධෝත්තම පළමු වන ෆ්රැන්සිස් පාප් වහන්සේ ගෝලීය ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

උන්වහන්සේ පවසන්නේ පෘථිවියේ මෙන්ම සමස්ථ ප‍්‍රජාවගේම සෞඛ්‍යය උදෙසා මෙම කලාපය අතිශය වැදගත් බවයි.

වතිකානුවේ සාන්ත පීතර චතුරස‍්‍රයට රැස්ව සිටි කතෝලික වැසියන් දහස් ගණනක් අමතමින් ශුද්ධෝත්තම පියතුමන් මේ බව ප‍්‍රකාශ කළා. උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ පෘථිවියට අයත් වනාන්තරවල පෙනහළු සේ කි‍්‍රයාකරන ඇමසන් වනාන්තරය ගිනි ගැනීමෙන් සියලූ දෙනා කණස්සල්ලට පත්ව ඇති බවයි.

ඇමසන් වනාන්තරයෙන් සියයට 60 ක්ම අයත් වන බ‍්‍රසීලය, ලොව විශාලතම කතෝලික රාජ්‍යය ලෙස සැලකෙනවා.

කෙසේවෙතත්, ශුද්ධෝත්තම පියතුමන් මෙලෙස ඇමසන් වනාන්තරය වෙනුවෙන් සිය හඬ අවදි කර ඇත්තේ වනාන්තරය තුළ තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින ගිනි ගැනීම් මැඩපැවැත්වීම සඳහා ප‍්‍රාන්ත 06 ක් බ‍්‍රසීල හමුදාවේ සහය ඉල්ලා ඇති පසුබිමක් තුළයි.

ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනාන්තරයේ ප‍්‍රධාන භූමිකාව වන්නේ ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමයි.
(under the courtesy of nethnews.lk news web) ==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

feature-top         
     
(2019 අගෝස්තු 24 වන දින නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ මහා සමුළුව අමතමින් ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා කළ කතාවේ පිටපත.)

මිත්‍රවරුනි,

මේ තරුණ හමුව ​ඉතාම වැදගත් එකක්. ඔබ ඉදිරියේ ඉන්නකොට මට දැනෙන්නේ මම ඉන්නේ රටේ අනාගතය ඉදිරියේ කියලයි. අද මෙතැන සිද්ධ වුණ සාකච්ඡා අනුව අපේ අනාගතය කොයි වගේ එකක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්.

මිත්‍රවරුනි,

මේ රටේ අනාගතය ඉදිරියේ හිටගෙන ඉන්නකොට මට අතීතයත් මතක් වෙනවා. මට මතකයි 1970 ශ්‍රී ලංකාවේ ළාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට පාර්ලිමේන්තුවට තේරුණ කාලේ. 1970 අපි පාර්ලිමේන්තුවට තේරිලා අවුරුද්දක් ඇතුළත 1971 කැරැල්ල ආරම්භ වුණා.  මම රස්සාව කරපු විද්‍යෝදය තමයි මේ කැරලිකාරයන්ගේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් වුණෙත්. හැත්තෑ එකේ කැරැල්ලෙදි අපි දන්න තරුණ තරුණියෝ සෑහෙන පිරිසක් පොලිසියේ හමුදාවේ අත්අඩංගුවට පත් වුණා. ඒ අතරේ අපේ ආණ්ඩුවේ තරුණ මන්ත්‍රී වාසුත් හිටියා. මේ අයව මිරිහාන පොලිසියෙන් අත්අඩංගුවට ගත්තාම බේරාගන්න මට අරලියගහ මන්දිරේ තරප්පු පෙළේ වාඩිවෙලා ඉන්නත් සිද්ධ වුණා.

ඊළඟට මට මතකයි 1989 වුණ දේවල්. ඇඹිලිපිටියේ ඉඳලා බටලන්ද දක්වා බොහොමයක් තැන්වල වධකාගාර තිබුණා. උසස් අධ්‍යාපනය ලබපු තරුණයෝ තමයි 1989 දී මරාදාන්න හෙව්වේ. මට මතකයි 1989 දී තංගල්ලෙ මරා දාපු වසන්තයි, ප්‍රසන්නයි කියන තරුණයෝ දෙන්නගෙ මළමිනී අරගෙන අපි පෙලපාලියේ ගියා. පළමුවැනි වතාවට ‘‘මානව හිමිකම්’’ කියන වචනෙ ප්‍රායෝගික භාවිතයට ගෙනාවේ එදා අපි තංගල්ලෙ ඉතිහාසයේ මුලින්ම හදපු මානව හිමිකම් කමිටුවලින්. එදා ඔබලා වාගෙ ලක්ෂ ගණනක් මරා දාපු තරුණයෝ තරුණියෝ වෙනුවෙන්, 1992 කොළඹ ඉඳන් පාද යාත්‍රාවක් කතරගමට යනකොට වැඩිපුරම පාර හේදුණේ අම්මලාගේ කඳුළුවලින්. මේ තරුණයෝ මතක තියාගන්න ඕනෑ, එදා තරුණයෝ මරාපු අයට නීතිය ක්‍රියාත්මක කළා නම් මේ ආණ්ඩුව කරන්න නායකයෙක්වත් මැති ඇමැතිවරුන් ඉතුරු වෙන්නේ නෑ.

කොළඹ විශ්වවිද්‍යාලයෙත් වධකාරයක් පවත්වාගෙන ගියා. අද මේ යූඑන්පී ආණ්ඩුවේ ඉන්න  ඇමැතිවරුන් ඒ විශ්වවිද්‍යාල වධකාගාරයේ එදා වධ වින්දා. ඒ වාගේම එදා වධකයෝ හැටියට තරුණයෝ  හොය හොයා මරාපු අය අද මේ ආණ්ඩුවෙම ඇමැතිවරු හැටියට ඉන්නවා.  වධකයෝයි, වධ විඳපු අයයි අද එකතු වෙලා. එදා තරුණයෝ  බේරාගත්තු අපි අද වද විඳිනවා. ඒක තමයි දේශපාලනේ.

අවුරුදු තිහක් මේ රටේ ත්‍රස්තවාදී යුද්ධයක් තිබුණා. රටේ අනාගතය වෙනුවෙන් වියදම් කරන්න තිබුණ මුදල හැම සතයක්ම වසර තිහක් වියදම් කෙරුණේ යුද්දෙට. ඒ නිසා රැකියා උත්පාදනය කරන්න, ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න කොයි ආණ්ඩුවටත් බැරි වුණා. උතුරෙත්, දකුණෙත් දහස් ගණන් තරුණයන්ට ජීවත් වෙන්න තිබුණ අවස්ථාව යුද්දෙ නිසා නැති වුණා. ඒ නිසා අපි මේ රටේ තරුණයන්ට කළ ලොකුම සේවය තමයි අවුරුදු හතරක් තුළ යුද්දෙ අවසාන කළ එක.

වසර තිහක් මැරි මැරී ගිය තරුණ පරම්පරා ගණනාවක් මරණයෙන් මිදුනේ යුද්දෙ නතර කළ නිසා. ඒ  විතරක් නෙවෙයි ත්‍රස්තවාදයට සම්බන්ධ වුණ තරුණ තරුණියෝ දසදහස් ගණනින් මාස කීපයක් ඇතුළත පුනරුත්ථාපනය කරලා අපි සමාජයට භාර දුන්නා. ඒ තරුණයෝ ආරක්ෂා කරලා රැක ගන්න හිර ගෙදරට නෙවෙයි, සමාජයටයි අපි භාර දීලා තියෙන්නේ.

තරුණ දරුවනි!

මට මතකයි 2005 දී මම ජාතිය අමතලා කිව්වා අපි මුහුණ දීපු ප්‍රශ්න අනාගත පරපුරට භාර දෙන්නේ නෑ කියලා. එදා උපාධිධාරියට රැකියා තිබුණේ නෑ. අපි උපාධිධාරීන්ට රැකියා දෙන එක රජයේ වගකීමක් හැටියට භාර ගත්තා. 1948 ඉඳන් 2005 වෙනතුරු මේ රටේ රජයේ රැකියා කළේ ලක්ෂ 07 යි. 2015 වෙනකොට ඒ පිරිස ලක්ෂ පහළොව දක්වා ඉහළ දමලයි අපි ගෙදර ආවේ. නමුත් අද ආයෙත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය ඇවිත්. දැන් දිනපතා රැකියා ඉල්ලන් ගිහින් කඳුළු ගෑස් කන පින්තූර ටෙලිවිෂන්වල පෙන්නනවා. නමුත්  ලක්ෂ හතකට ආණ්ඩුවේ රැකියා දුන්න අපිව පරාද කරන්න, යූඑන්පිය තරුණයන්ට දෙනවයි කියපු රැකියා දශලක්ෂය ගැන කවුරුවත් අහන්නේ නෑ.

මිත්‍රවරුනි!

අපිට එදාත් තරුණ ප්‍රශ්නවලට විසඳුමක් තිබුණා. කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ලැබුණ ගමන්ම මම කළේ හැකියාවට රැකියාවක් කියන සංකල්පය රටට ගෙනියන එක. තරුණයන්ට නිදහස් අධ්‍යාපනය විතරක් දීලා මදි. වෘත්තීය අධ්‍යාපනයත් දෙන්න ඕනෑ කියලා අපි එදා ඉඳන් හිතුවා. තරුණයන්ගේ හැකියාව දියුණු කරන්න ඕන. රටට ගැළපෙන වෘත්තීය අධ්‍යාපනයක් දෙන්න ඕනෑ කියලා අපි හිතුවා. ඒ විතරක් නෙවෙයි සාගර ආර්ථිකයක් ගැනත් අපි හිතුවා. වෙරළාරක්ෂක හමුදාවක් පිහිටවලා සාගරය රැක ගන්න වාගේම සාගරයෙන් සම්පත් ​ගොඩ අරගෙන ලංකා ආර්ථිකය නංවන්න ඕනෑ කියලා අපි හිතුවා. පළවෙනි වතාවට සාගර විශ්වවිද්‍යාලයක් පිහිටෙව්වා.රත්නපුරේ පතල් දිහා බලන විදියටම  අපි සාගරය දිහාත් බලන්න ඕනෑ. ඒ අනුව හිතලා අපි මේ රටේ තරුණයන්ට අලුත් ජීවිතයක් දෙන්න වැඩ කළා.

2005 දී අපි බලයට එනකොට මේ රටේ පරිගණක සාක්ෂතාව තිබුණේ සියයට පහයි. අපි රටේ ණැනසල මධ්‍යස්ථාන හැම තැනකම පිහිටෙව්වා. වේගයෙන් රට පරිගණක රැකියාවලට යොමු වුණා. දැන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම්පත් දාන්නෙත් පරිගණකයෙන්. දැන්ගම්වල තරුණයෝ තරුණියෝ පරිගණකයෙන් තමයි කැම්පස් රෙජිස්ටර් වෙන්නේ. අපි එදා ගෙදර ගියේ සියයට පහක් වුණ පරිගණක සාක්ෂරතාව සියයට පනහට නංවලා. නමුත් මේ ආණ්ඩුව ඒ මට්ටමට තරුණ සමාජය දියුණු කළ එක අවස්ථාවක් මට පෙන්වන්න.

නමුත් අපි 2005 ඉඳන් මේ රටේ නංවපු පරිගණක සාක්ෂරතාව යොදා ගත්තේ අපිව ගෙදර යවන්න. මිත්‍රවරුණි තරුණ දරුවනි! මේ තරුණයෝ අපේ රටේ තියෙන මේ දේශපාලන විපරීතය තේරුම් ගන්න ඕනෑ.

මම මතක් කරන්න ඕනෑ අනගාරික ධර්මපාලතුමාව. එතුමා 18 වැනි සියවසේදීත් මේ රටේ 21 වැනි ශතවර්ෂය ගැන හිතපු කෙනෙක්. එතුමා බුද්ධගයාව බේරා ගත්තා වගේම තවත් උතුම් වැඩක් කළා. ඒ තමයි බෞද්ධ පාසල් පිහිටවීම. ඒ විතරක් නෙවෙයි, ලාංකික දරුවන්ට  වෘත්තීය පුහුණුව දෙන පාසල් 52 කුත් පිහිටෙව්වා. ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම කර්මාන්ත හුරුවක් මේ රටේ දරුවන්ට දෙන්නයි එතුමා හිතුවේ.



නමුත් ඒ තරම් දුර දැකපු, එපමණ සේවයක් කරපු ධර්මපාලතුමාටත් එක්තරා පිරිසක් මේ රට එපා කෙරෙව්වා. එතුමා මියගියෙත් ඉන්දියාවේ.

ඊළඟට ඊ.ඒ. ගුණසිංහ. 1931 දී මේ රටට සර්වජන ඡන්ද බලය ලබා දෙන්න ඕනැයි කියලා දැඩිව පෙනී හටියේ ගුණසිංහ මහත්තයා.  1931 ට කලින් ඡන්දෙ දෙන්න අයිතිය තිබුණේ ධනවත් අයටයි, උගත් අයටයි විතරයි. ඒ නිසා දුප්පත්, පොහොසත් භේදයක් නැතිව කාටත් සර්වජන ඡන්ද අයිතිය දෙන්න ඕනෑ කියලා එතුමා සටන් කළා. නමුත් දුප්පත් මිනිස්සුන්ව සල්ලිවලට බොරු කියලා රවටලා ඡන්දෙ ගනීවි කියලා අනෙක් නායකයෝ මේ සර්වජන ඡන්ද බලයට විරුද්ධ වුණා. නමුත් 1931 දී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණා. ඊට පස්සේ මොකද වුණේ. ඊට පස්සෙ ඒ සර්වජන ඡන්ද බලය දෙන්න ඕනෑ කීව ගුණසිංහ මහත්තයාවත් සර්වජන ඡන්ද බලෙන් ගෙදර යැව්වා.

ඊට පස්සේ මට මතක් වෙන්නේ සී.ඩබ්ලිව්.බ්ලිව්. කන්නන්ගර මහත්තයාව. මේ රටේ සියලුම ජනතාවට නිදහස් අධ්‍යාපනය දෙන්න ඕනැයි කියලා, නිදහස් අධ්‍යාපන පනත එතුමා පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒත් මේ රටේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය දෙනවට විරුද්ධව එදා අනගාරික ධර්මපාලතුමාට එරෙහි වුණ අයම බොහොම තදින් නැගී සිටියා. ඒ අය නිදහස් අධ්‍යාපන පනතට විරුද්ධව ඡන්දෙත් දුන්නා. නමුත් කන්නන්ගර ඇමැතිතුමා ගෙනා නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න උතුරෙත්, දකුණෙත් ප්‍රගතිශීලී මන්ත්‍රීවරු නිසා පුළුවන් වුණා. ඒක මේ රටේ ඓතිහාසික ජනතා ජයග්‍රහණයක්. නමුත් ඊළඟ ඡන්දයේදී සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහත්තයාව ඡන්දෙන් පරාද කරලා ගෙදර යැව්වා.

මේ ඉතිහාසයෙන් මේ තරුණයෝ පාඩම්  ඉගෙන ගන්න ඕනෑ. යුද්ධ කරලා අපි නිදහස ලබා දුන්න ජනතාවම අපිට එරෙහිව යෙදෙව්වා. අපි දශක ගණනාවකට පස්සේ උතුරට, නැගෙනහිරට දුන්න ඡන්ද නිදහස අපිට එරෙහිව යෙදෙව්වා. අපි මේ රටේ ගොඩ නංවපු පරිගණක දැනුම, ජංගම දුරකථන පහසුකම් අපිට එරෙහිව යෙදෙව්වා. කොටින්ම අපි අනාගතය වෙනුවෙන් හිතලා හදපු වරාය, ගුවන්තොට, අධිවේගී මාර්ග අපිට එරෙහිව යෙදෙව්වා. ජනවාරි 08 කුමන්ත්‍රණය කළේ හයිවේ එකේ එහෙට මෙහෙට යමින් කියලා දැන් ඒ අය කියනවා. ඊළඟට හයිවේ එක පෙන්නලා ආණ්ඩුව ගැන බොරු කීවා. අපි හදපු වරාය නිසා මේ රට ආසියාවේ නාවික කේන්ද්‍රයක් බවට පත් වෙනවා. එතකොට කාටද ඒක දැනෙන්නේ. කාටද රිදෙන්නේ. මේ රටේ දේශීය ජනතාව ශක්තිමත් කරලා රට ලොකුවට ගොඩනගන්න හදවු හැම කෙනාටම ඒ දේ කළා. අපේ රටේ දේශපාලනයේ තියෙන මේ ගැඹුරු අනාගතය භාර ගන්න ඉන්න ඔබ තේරුම් ගන්න ඕනෑ. මේවායින් කලකිරුණොත් අපිත් රටත් පරාදයි.

මතක තියාගන්න, රටේ තරුණයන්ව නංවලා කර්මාන්ත දියුණුවක් ඇති කරන්න හදනකොට ධර්මපාලතුමාට රට එපා කරවපු අය තාම ඉන්නවා. සර්වජන ඡන්ද බලය අරන් දීපු ඊ. ඒ. ගුණසිංහව ඒ ඡන්දෙන්ම පරද්දලා ගෙදර යවපු අය තාම ඉන්නවා.

දැන් ඒ ගෙදර යවපු අය කියනවා තරුණයෝ දේශපාලනය අතහරින්න ඕනෑ. ඡන්දෙ දෙන්න ඕනෑ නෑ කියලා. තරුණයන්ට සර්වජන ඡන්ද බලය එපා කරවා ගන්නයි මේ අයට ඕනෑ.

මේ බලවේගවල හැසිරීම ඉතිහාසය ඇසුරෙන් අපි තේරුම් ගන්න ඕනෑ. මේ බලවේගය හැමදාම මේ රටේ තරුණයන් නොමග යැව්වා.

ඒ නිසා තරුණ ඔබ ළඟ නෙවෙයි, දුරයි හිතන්න ඕනෑ.

ඒක ජාතක කතාවක තියෙනවා අපූරු උපදේශයක්. දඹදිව එක්තරා වංශවත් පවුලක පුතෙක් දිසාපාමොක් ළඟට ගියා ඉගෙන ගන්න. මේ තරුණයා ශිල්ප හදාරලා දෙමාපියෝ බලන්න ගෙදර එනකොට රජ්ජුරුවෝ මේ දෙමාපියන් එක්ක උරණ වෙලා මේ දෙමාපියන්ව මරන්න වධබෙර ගගහා අරගෙන යනවා. මේ ශිල්ප ඉගෙන ගත්ත තරුණ පුතා මේක දැකලා කලබල වෙලා දෙමාපියෝ බේරා ගන්න එතනට කඩා පනින්න හැදුවා.

දං ගෙඩියට යමින් සිටි මහලු සිටු යුවලට පුතා කලබල වෙලා කරන්න හදන මෝඩකම ගැන වැඩේ තේරුණා. සිටුතුමා හයියෙන් මෙහෙම කිව්වා.

‘‘පුත ළඟ නොබලන්න – දුර බලන්න’’

පුතාට තාත්තා කියපු දේ තේරුණා. එයා ඉවසීමෙන් ඉඳලා පසු කාලීනව සංවිධානය වෙලා ජනතාව දිනාගෙන රාජ්‍යය ලබා ගත්තා. ඒ නිසා මම මේ රටේ තරුණයන්ට කියනවා, තමන්ට ඇහෙන දේ ගැන, පෙන්නන දේ ගැන නැවත නැවතත් හිතන්න ඉතිහාසයෙන් ඉගෙන ගන්න.

පුත ! ළඟ නොබලන්න දුර බලන්න;'52.
(under the courtesy of lankacnews.com news web)==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====


ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදි ආරම්භ වුනා. මෙහිදි ශ්‍රී ලංකාවේ හොඳම ටෙස්ට් පිතිකරු දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කර තිබීම දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. පසුගිය කාලයේ පටන්ම දක්ෂතා අතර පසුවූ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හොදම පිතිකරු වශයෙන් පරාජයට පත් වීමට ගිය බොහෝ තරග ප්‍රතිඵලය වෙනස් කළ ක්‍රීඩකයෙකි.
එවන් ක්‍රීඩකයෙකු ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කර පසුගිය කාලයේ දිගින් දිගටම අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල නැවතත් කණ්ඩායමට ගෙන්වා ඇත්තේ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සහ නායක දිමුත් කරුණාරත්න විසින් ලබා ගත් තීරණයක් නිසා බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටියි.
ඒත් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වටා පිළිකාවක් ලෙස වැඩී ඇති 'බෝර්න් අගේන්' නම් ආගමික නිකායක බලපෑමක් මත දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කිරීම සිදුව තිබෙනා බවට චෝදනා එල්ල වී තිබෙනවා.
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ  නිළධාරියෙක්, පුහුණුකරුවෙක් හෝ තේරීම් කමිටු සාමාජිකයෙකු වීමට අනිවාර්ය සුදුසුකම වී ඇත්තේ මෙම 'බෝර්න් අගේන්' නිකායේ සාමාජිකයෙකු වීමයි. මේ බවට කණ්ඩායම තුලින්ම චෝදනා එල්ල වූ අතර හිටපු කළමණාකරු චරිත් සේනානායකද කණ්ඩායමෙන් ඉවත් වූ අවස්තාවේ මෙම බෝර්න් අගේන් මාෆියාව පිළිබඳ හෙළිකර සිටියා.
මෙම ආගමික නිකාය නියොජනය කරනා නිළධාරීන් විසින් වෙනත් ආගම් සහ විශ්වාසයන් යුත් ක්‍රීඩකයන් අසාධාරණ ලෙස කණ්ඩායමෙන් ඉවත් කරන බවට දිගින් දිගට චෝදනා එල්ල වන අතර දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමෙන් විසි වීම පසුපස මෙම ආගමික අන්තවාදය ප්‍රබලව පවතින බවට චෝදනා එල්ල වනවා.
(under the courtesy of nethnews.lk news web)==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====


මින් පෙර මෙරටදී වාර්තා නොවූ බව කියන ආගන්තුක පක්ෂියෙකු අනවිළුන්දාව රම්සා අභය භූමියට ආසන්නයෙන් පිහිටි හලාවත - මුතුපන්තිය දූපතට පැමිණ සිටියදී ගම්වාසීන් විසින් අල්ලා ගෙන වන ජීවී නිලධාරීන්ට බාරදීමට කටයුතු කර තිබෙනවා.
පෙරේදා (12) රාත්‍රියේ මෙම පක්ෂයා මුතුපන්තිය දූපතට පැමිණ තිබුණා.  පසුව ගම්වාසීන් විසින් මෙම පක්ෂියාව හොයා ගෙන ඇති අතර හොට සහ වළිගය දිය කාවෙකුගේ හැඩය ගන්නා මෙම පක්ෂියාගේ පාද රාජාළියෙකුගේ පාදවලට සමාන බව වන ජීවී නිලධාරීන් කියයි.
සෙන්ටිමීටර් 109 ක් බැගින් වන පියාපත් දෙකක්ද මෙම පක්ෂියාට පිහිටා තිබෙනවා. මෙම පක්ෂියා සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා තව දුරටත් උත්සාහ කරන බව වන ජීවී නිලධාරීන් සඳහන් කළා.
ආනවිළුන්දාව කුරුළු අභය භූමියට විවිධ සංචාරක පක්ෂීන් පැමිණ ඇති නමුත් මෙවැනි පක්ෂියෙකු කිසිදු දිනක දැක නොමැති බව ප්‍රදේශවාසීන් සහ වනජීවී නිලධාරීන් ද සඳහන් කරයි.
මෙම පක්ෂියාගේ සිරුරේ සුළු තුවාල කීපයක් දක්නට ඇති බැවින් එම සතාට ප්‍රතිකාර කිරීම සඳහා වන ජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකයට බාර දීමට කටයුතු කර තිබෙනවා.

  (under the courtesy of nethnews.lk news web)


==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====


මහනුවර ශ්‍රී දළදා පෙරහැරට සම්බන්ධ ටිකිරි නම් ඇතින්නක සම්බන්ධයෙන් සමාජජාලා මාධ්‍යයන්හි බොහෝ කතා පළවිය. මේ අතර එම ඇතින්න සම්බන්ධයෙන් රාජ්‍ය සම්මානලාභී කර්තෘ සෝමදාස අබේවික්‍රම මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක්ද කතාබහට ලක්ව තිබුනා. එහිදී ඔහු පෙන්වා දී තිබුනේ අලි ඇතුන්ට නීරෝගීව සීටිමට නම් දිනකට සැතපුම් 20ක් පමණ දුර ඇවිදිය යුතු බවත්, ඒ හේතුවෙන් ඇතෙකු හෝ ඇතින්නකු පෙරහැරට එක්කර ගැනීම සත්ත්ව හිංසාවක් වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර තිබුනා.
එම සටහන පහතින්,
මහලු අලින්ගෙන් වැඩගැනීම
======================
මහළු අලින්ගෙන් වැඩ ගැනීම පිලිබදව මේ දිනවල පේස් බුක් හරහා මතවාදයක් පැතිරෙමින් ( පතුරවමින් ) පවතී.ඒ ඒක්තරා දේශපාලන පක්ෂයක මහළු අය තනතුරු බධාගෙන සිටීම පිලිබද පුවතක් නමි නොවෙි‍. සැබෑ අලියෙකු පිලිබදව කථාවකි.ඒ වැහැරුන ඇතෙකු දළදා මාළිගයේ පෙරහැරට යොදා ගත් පුවතකි. මනුස්සයෙක් පමණක් නොව වයසක සතා සීපාවෙකුට හෝ හිරිහැර වන ලෙස කටයුතු කිරීම ශිෂ්ඨ සමිපන්න ක්‍රියාවක් නොවන බව සත්‍යයකි.
මෙහිදි අපි සතාගේ වයස පමණක් නොව ඒම ක්‍රියාවෙන් උෘට හිරිහැර සිදුවුවාද යන්නත් සැලකිල්ලට ගත යුතුවෙි. අලි ඇතුන්ට නිරෝගිව සිටීමට උන්ට දිනකට සැතපුමි 20 පමණ දුරක් ඇවිදීමට අවශ්‍යවෙි. මහථ ඇතා පෙරහැරේ ගියා කියා උෘට විශේෂ හිරිහැයක් වීද ? වයසට ගියත් ඇතෙකු වෙනුවෙන් අයිතිකරුට ආහාරපාන බෙිත් හේත් හා නෑවිමි කැමබිම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවෙි. කල හැකි නමි ඒ සදහා සේවයක් ගැනීම වරදක් විය හැකිද ?
වයසට ගිය ඇතෙකු ගස් ඇදිම හෝ වෙනත් බර වැඩක යෙදිම නුසුදුසු බව නොකිව මනාය. දළදා පෙරහැරේ වයසක ඇතා පෙරහැරේ ගමන් කිරීම වරදක්වී ඇත්තේ කාටද ? ඒ් මහථ ඇතාටද ? ඇතා හිමිකරුටද ? දියවඩන නිලමෙිතුමාටද ? නැත.
අප මෙි පිළිබදව සිතා බැලිය යුත්තේ පසුගිය කාලය පුරා පෙරහැරවල අලි ඇතුන් සංචාරය කිරීමය විරුද්ධව සංවිධානත්මක විරෝධයක් දියත්කර තිබු පසුබිමක සිටයි. වරක් සුපුකඨ ඒන්ජීඹි කාරියක් පැවසුවෙි තමන් කෙසේ හෝ පෙරහැරවල අලි ගමන් කිරීම නවතා දමන බවකි. මොවුන් මෙයට පෙර පුකාශ කලේ දමිවැල්වලට කකුල් කැපුන තැන් පෙන්වා අලි පෙරහැරේයාම නතර කල යුතු බවයි. අපේ උතුමි සංස්කෘතියේ විශේෂාංගයක් වන පෙරහැරේ අලි ඇතුන් සංචාරය නැවැත්වීමට අවශ්‍යව ඇත්තේ කාටද ? සැමදාම පෙරහැරේ යන අලි ඇතුන්ට සංඝයා වහන්සේලාට නින්දා අපහස කරන්නේ ඒකම ගෝතුයේ පිරිසකි.
සත්ව වෙිදීන් ලෙස පෙනී සිටින ( සමහර ) ඒන්ජීඹි නඩ, රැඩිකල් කලාකරුවන් ලෙස පෙනි සිටිමට උත්සහ කරණ අය, නිරාගමිකයන්, සමලිංගිකයන් ,බෙෘද්ධ විරෝධින්, යල්පැන ගිය මාර්ක්ස්වාදින් ,ඒ අතර පුමුඛස්ථානයක් ගනිති.බුද්ධාගමට පහර ගැසීමට කුමන හෝ පරඩලාවක පිහිට පැතිය හැකි නමි ඒය මෙි නඩවල අමන්දානන්දයට හේතුවකි.
මොවුන් ගේ සත්ව අනුකමිපාව වයසක ඇතුන් පෙරහැරේයාම පිළිබදවය. පෙරහැරේ යාම වදයක් නමි සත්ව ඝාතනය කවර නමි අපරාධයක් නොවෙිද ?
ඒහෙත් ඹබ කිසිවෙකු ඉහත පිරිස් නත්තලට මරණ උෘරන් පිළිබදව කථා කරනු අසා තිබෙිද ? ඒසේත් නැත්නම් හජ්ජිවලට මරණ හරකුන් පිළිබදව විරෝධතා දක්වනු අසා තිබෙිද ?
සැබෑ බෙෘද්ධයන්ගෙන් අප ඉල්ලා සිටිනයේ මෙම බොරු විරෝධතාවයන්ට නොරැවටෙන ලෙසයි ! මොවුන්ගේ යටි අරමුණ වෙනත්ය.

උපුටා ගැනීම : සෝමදාස අබෙිවික්‍රම
(under the courtesy of nethnews.lk news web)

 ==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

feature-top

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් බදුල්ලේ දී ඉදිරිප්ත කල සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උපුටාගන්නා දේවල් බව එම පාර්ශව විසින් චෝදනා කරයි.

වියත්මග සංවිධානයේ ප්‍රබලයෙකු වුණ ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරන්නේ ප්‍රමාදවී හෝ සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය වටහා ගැනීම සහ පිළිගැනීම සතුටට කාරණාවක් බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ නායකයන් අනුන්ගේ අදහස් කරන්නට පටන් ගැනීම පමණින් එජාපයේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේදැයි ඔහු ප්‍රශ්න කරයි.

මේ බව සඳහන් කරමින් ඔහු සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන මෙසේය.

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමාද වී හෝ රටට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්තිය ගෝටාභය රාජපක්ෂ මහතා විසින් පැහැදිලි කල , අප කවදත් විශ්වාස කල , ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිය බව වටහා ගැනීම සතුටකි. ප්‍රශ්ණය තිබෙන්නේ දශක ගනනාවක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කල නියෝ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලින් ඉවත්වී අපේ ප්‍රතිපත්ති අනුගමනය කරන්නට ඔහුට සහාය දෙන්නේ කවුද යන්නයි. එක්සත් ජාතික පක්ෂය තුල සිටින ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති අය දෙවන පෙල නායකයෙක් හුදු ජනප්‍රියත්වය සඳහා අනුන්ගේ අදහස් කොපි කරන්නට පටන්ගත් පමනින් තම පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් කරන්නට සූදානම්ද ?
(under the courtesy of lankacnews.com news web)
==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

feature-top

රටේ ජනතාව වෙනුවෙන් තමන් මේ මොහොතේදීම මැරෙන්නට සූදානම් බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

තමන් බිය ගුල්ලෙක් නෙවන බවත් තමනට හයිය ඇති බවත් පැවසූ තමනට ඊට ශක්තිය ඇති බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව සදහන් කලේ බදුල්ලේදී පැවති ජන රැුළිය අමතමිනි.

එම රැුළිය අමතමින් ඇමතිවරයා සිදු කරන ලද කතාව ජනාධිපතිවරණයක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක ස්වරූපයක් ගත්තේය.


(under the courtesy of lankacnews.com news web)
==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

feature-top

එක්සත් ජාතික පෙරමුණ තුළ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇති වී තිබුණ අර්බුදකාරී තත්ත්වය මත ඉදිරි ජනාධිපතිවරණය ගැන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය දේශපාලන ස්ථාවරය තීන්දු කිරීම පසුවට කල් දමා ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් උත්තරීතර මණ්ඩලය තීරණය කර ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගේ ප්‍රතිපත්ති දෙස බලා අවසන් තීරණය ගැනීම සුදුසු බවයි.

මේ තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂයට ද සිය අපේක්ෂකයා ඉක්මනින් නම් කරන ලෙස ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඉල්ලීමක් කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)
  ==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

feature-top

උමයංගනා වික්‍රමසිංහ

‘දේදුනු’ තාමත් ‘උමයංගනාට’ වඩා ජනප්‍රියයි!

ඉස්සර ඇය ‘අද දෙරණේ’ උණුසුම් පුවත් මොනවාද කියලා අපට කීවා. ‘ඉතිං ඊට පස්සේ’ ඇය ‘දේදුනු’ වුණා. උමයංගනා කවුරුන්දැයි නොදන්නා අයත් ‍‘දේදුනු’ ‍හොඳින්ම දන්නවා. කලා ලෝකයේ විවිධ පාට ගොඩක් අරගෙන පෑයූ මේ දේදුන්න මේ දිනවල විකාශය වන නිර්මාණ කිහිපයක එකිනෙකට වෙනස් චරිත කිහිප‍යක් එක්ක ඔබේ ආලින්දයට එනවා. ඇගේ අලුත්ම තොරතුරු දැනගන්න අප ඇයට කතා කළා.

මොනවද කලා ජීවිතයේ අලුත්ම තොරතුරු?

නිර්මාණ කිහිපයකම රූගත කිරීම්වලට සම්බන්ධ වන නිසා මේ දිනවල ටිකක් කාර්යබහුලයි. ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ අවසන් අදියරේ රූගත කිරීම් වගේම මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වන ‘හේලංකඩ’ ටෙලි නාට්‍යයේද රූගත කිරීම්වලට සහභාගි වනවා. ටෙලි නාට්‍යවලට අමතරව රසික ලියනගේ අධ්‍යක්ෂණය කරන නවතම සිනමා සිත්තම ‘මොනර විලක්’ සඳහා මට ඇරියුම් ලැබී තිබෙනවා. නුදුරේදී චිත්‍රපට තුනක් එන්න තිබෙනවා. තව සති කිහිපයකින් එහි රූගත කිරීම් ආරම්භ වනවා. ඊට අමතරව වේදිකාව පැත්තෙන් ගත්තොත් සුපුරුදු පරිදි ‘මාරක ළිඳේ සවාරියක්’, ‘රජා මං වහලා’ දර්ශන වාර සඳහා මේ දිනවල සම්බන්ධ වී ඉන්නවා.

‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ප්‍රේක්ෂකයන්ගෙන් වගේම කලා ක්ෂේත්‍රයේ අයගෙනුත් ඒ සඳහා ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. එහි මා පණපොවන්නේ ‘සුභා’ කියන චරිතයට. වෙනස්ම විදිහේ චරිතයක්. ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවම ඒ චරිතයට මම මගේ උපරිම සාධාරණය ඉටු කළා කියලා හිතෙනවා.

විවිධ චරිතවලට පණපෙවුවත්, උමයංගනා කියන්නේ ඇත්තටම කොයි වගේ චරිතයක්ද?

ඒ ගැන විනිශ්චයක් දෙන්නට පුළුවන් වෙන්නේ මට වඩා මාව ඇසුරු කරන අයටයි කියලයි මට කියන්න වෙන්නේ. මොකද, මාව ඇසුරු කරන අයට විවිධ ආකාරයෙන් දැනෙන්න පුළුවන්නේ.

උමයංගනා කොහොම කෙනෙක් වුණත්, තාමත් ගොඩක් දෙනා ඔබව හඳුනන්නේ ‘දේදුනු’ කියලා...

ඒ කාලේ සිනමාවට වගේම චිත්‍ර කතාවලටද දැඩි සේ ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා. ‘ඉතිං ඊට පස්සේ’ කියන්නේ එදා අතිශයින් ජනප්‍රිය වෙලා තිබුණු චිත්‍රකතාවක් ඇසුරෙන් ගොඩනැඟුණු ටෙලි නාට්‍යයක්. එදා මිනිසුන් අතර ජනාදරයට පාත්‍ර වූ ‍නිර්මාණයක ප්‍රධාන චරිතය මට ලැබීමම එක්තරා ආකාරයක වාසනාවක් කියලයි මා හිතන්නේ. ‘දේදුනු’ කියන නම මගේම නම විදියට තමයි මට තාමත් ඇසෙන්නෙ. විවිධ චරිතවලින් විවිධ නම් ලැබුණත් ඒ නම වගේ දැනුණේ නෑ. ඒ වගේම ඒ නම නිසා මට ගොඩක් දේවල් ලැබුණා. ජනප්‍රියම නිළිය බවට පාත්‍ර වුණා. ඇත්තටම ඔබ කීවා වගේ උමයංගනා කියන නමට වඩා තාමත් ‍ප්‍රේක්ෂකයන් මාව හඳුනන්නේ ‘දේදුනු’ කියලයි.

ඔබ රංගන ක්ෂේත්‍රයට ඇවිත් කොපමණ කාලයක්ද?

මගේ මතකයේ හැටියට ක්ෂේත්‍රයට ඇවිත් මේ වන විට වසර දාහතක් පමණ වෙනවා.

දැන් ඔබ ජීවිතයේ කිසියම් මට්ටමකට අත්දැකීම්වලින් පෝෂිත චරිතයක්. ජීවිතය ගැන මොන වගේ අව‍බෝධයක්ද තිබෙන්නේ?

ජීවිතය කියන්නේ නවාතැනක් විතරයි. මම නම් කියන්නේ අපි සදාකාලිකව නොමැරෙන මිනිසුන් විදිහට නැතිව, මැරෙන මිනිසුන් විදිහට ජීවත් විය යුතුයි කියලයි.

රංගන ක්‍‍ෂේත්‍රයේ නළු-නිළියන්ට කටකතා හැදෙනවා වැඩියි... උමයංගනාගේ අත්දැකීම මොන වගේද?

සමාජයේ ගැහැනු-පිරිමි භේදයකින් තොරව කටකතා හැදෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් පිරිමින්ට සාපේක්ෂව ගැහැනුන්ට තමයි වැඩිපුරම ඇඟිල්ල දිගු වන්නේ. අනුන්ගේ කුණු හොයන්න වගේම ඒ කුණු අහන්නත් අය ඉන්නවා. මේ සමාජයේ කටකතා හදන්නෙත්, හැදෙන්නෙත් නැත්තේ සත්තුන්ට විතරයි! ඒ උන්ට කතා කරන්න බැරි නිසයි.

ඔබ ‍‍බොහොම සංවේදි චරිතයක් කියන්නේ ඇත්තද?

මෙහෙමයි... සංවේදි වෙන්න ඕන තැන මම සංවේදියි. කෙනකුගේ දුක වේදනාව හොඳින් මට දැනෙනවා. හැබැයි ප්‍රශ්න ගැන හිතලා අඬ-අඬා ඉන්න චරිතයක් නම් නෙමෙයි.

ඔ‍බේ ඒ සංවේදිකම නිසා ඔබට ජීවිතයේ වැඩිපුරම ලැබුණේ ලාභද? පාඩුද?

ඇත්තටම මම එහෙම හිතන්නේ නෑ. මොකද, මම මගේ ජීවිතයේ සිදු වුණු, සිදු වන දේවලට පසුතැවිලි වන්නේ නෑ.

උමයංගනා කියන්නේ දක්ෂ ප්‍රවෘත්ති

නිවේදිකාවක්...

මා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස මුලින්ම සම්බන්ධ වන්නේ දෙරණ නාලිකාවට. දෙරණ පළමු ප්‍රවෘත්ති නිවේදිකාව වීමේ වාසනාව හිමි වුණේ මටයි. රවීන්ද්‍ර මනෝජ් ගමගේ අයියා තමයි මාත් එක්ක දෙරණ ප්‍රවෘත්ති කියපු පළමු ප්‍රවෘත්ති නිවේදකයා. ඉන් පසුව මම ශ්‍රීටීවී චන්ද්‍රිකා නාළිකාවේ වසර නවයක් පුවත් ඉදිරිපත් කළා.

ඒ කියන්නේ දැන් ඔබ ප්‍රවෘත්ති

නිවේදනයෙන් ඉවත් වෙලාද?

සැටලයිට් හෝ ‍එෆ්එම් නාළිකාවකින් ඇරියුම් ලැබුණොත් ඒ ආරාධනාව භාර ගන්නවා. ඔබ හිතන්න පුළුවන් ඇයි ප්‍රසිද්ධ නාළිකාවලට නැවත සම්බන්ධ නොවන්නේ කියලා. ඒ නාළිකා ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. ඒත් උමයංගනා කියන චරිතය දැන් කවුරුත් දන්නේ රංගන ශිල්පිනියක් විදිහට. ප්‍රවෘත්ති නිවේදිකාව හා රංගන ශිල්පිනිය කියන්නේ භූමිකා දෙකක්; ගෞරවනීය වෘත්තීන් දෙකක්. ඒ භූමිකා දෙක පටලවාගන්න මම කැමැති නැ. ඉතිං රංගන ශිල්පිනියක විදිහට රූපවාහිනියෙන් දකින උමයංගනා ඒ නාළිකාවේම ප්‍රවෘත්ති කියනවා දකින්න මම කැමැති නෑ.

අප දන්නා දස්කම්වලට වඩා නොදන්න දස්කම් උමයංගනාට තිබෙනවා කියලා මම කීවොත්...

මගේ හැකියාව මා විසින්ම කියවාගන්න නම් කැමැති නෑ. හැබැයි මම රංගනයට, පුවත් කීමට අමතරව හඬකැවීම් ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා.

මේ දිනවල සිරස එෆ්එම් උදෑසන විකාශය වන ‘ආදර වෙඩිල්ල’ නාට්‍යයෙහි හඬකැවීම්වලට සහ ජාතික රූපවාහිනියේ සෙනසුරාදා සවස 6.00ට විකාශය වන වෛද්‍ය සායන වැඩසටහන මෙහෙයවීමට දායක වනවා. භරත නර්තන හැදෑරීම් කළත් කලා කටයුතු නිසා දැන් එය මඟහැරිලා...

නවක රංගන ශිල්පීන් ගැන ඔබට මොකද හිතෙන්නේ?

අලුතින් දක්ෂ රංගන ශිල්පීන් බිහි වනවා. ඒත් ඔවුන්ගේ පැවැත්ම ගැන දෙවරක් හිතන්න සිදු වෙලා. මම ඔවුන්ට කියන්නේ හොඳ අභ්‍යාසයක් ඇතිව ගියොත් ඔවුන්ට හොඳ ගමනක් තිබෙනවා කියලයි.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි
 ==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

feature-top

තාරුකා විජේසිංහ.. නුදුරු දිනෙකදි ප්‍රේක්ෂකයන් ඇය හඳුනා ගනිවි. හැබැයි ඇගේ කතාව ඇගෙන්ම අසා දැන ගන්න නම් ඔබට ඇය සොයා යන්න වේවි. ඇය සිටින්නේ ‘හුස්ම‘ තුළය... එනම් සුදේශ් වසන්ත පීරිස්ගේ හුස්ම චිත්‍රපටය තුළය... ඒ තාරුකාට හුස්ම දෙන්නේ නවක රංගන ශිල්පිනියක වන චමත්කා ලක්මිණි ය.

චමත්කා, තාරුකාට හුස්ම දීලා

මොකද වුණේ?

තාරුකාත් හොඳින්. මමත් හොඳින්. මගේ වගේම ‘හුස්මටත්‘ හුස්ම හොඳට වැටෙනවා.

ප්‍රතිචාර අහන්න තවම කල් වැඩියි නේද?

පසුගියදාක හුස්ම චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම තිබුණා. ඊට කලින් එක්තරා චිත්‍රපට උලෙළකටත් ‘හුස්ම‘ චිත්‍රපටය පෙන්නුවා. එහිදි චිත්‍රපටයට හා මගේ රංගනයට ලැබුණු ප්‍රතිචාර ඉතා ඉහළයි.

තාරුකා විජේසිංහ ගැන ඔබට මොකද

හිතෙන්නේ?

තාරුකා මේ සමාජයේ සැබෑ චරිතයක් නම්, මම ඇයම නම් මටත් ඇයට වු දෙයම අවසානයේ සිදු වේවි.

තාරුකාට හුස්ම දෙන්න ඔබට කොහොමද

මං පෑදෙන්නේ?

‘සරුංගල්‘ චිත්‍රපටය එළිදැක්වීමට සුදේශ් අයියත් සහභාගී වුණා. එදා ඔහු ආරාධනා කළා ඔහුගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. ඒ වෙලාවේ මම එයට කැමැති වෙන්නේ නැහැ. අපි පිටපතත් අරන් කතා කරමු කියලා එදා මම ඔහුට කියනවා. පස්සේ දවසක මේ චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන නළුවෝ තුන්දෙනාටයි මටයි හමුවක් තිබුණා. එදා මට තේරුණා මම මේ තුන් දෙනා සහ සුදේශ් අයියා එක්ක වැඩ කරද්දි ඔවුන්ගෙන් මට ලොකු සහයක් ලැබෙයි කියලා. පිටපතත් ඉතා හොඳ තත්ත්වෙක තිබුණා. එය මං හොයපු විදිහේ ස්ක්‍රිප්ට් එකක්.

මෙහි රංගනයෙන් දායක වෙන්නේ

නව පරපුරේ දක්ෂ රංගන ශිල්පින් තිදෙනෙක්.

ඒ දක්ෂතා අතර ඔබේ දක්ෂතාව තිබුණේ

කොතැනද?

පුබුදු, ඉසුරු, දසුන් කියන්නේ රංගනය පැත්තෙන් ඉතාම ඉහළින් ඉන්න නළුවන් තිදෙනෙක්. ඔවුන් සමඟ වැඩ කරන්න ලැබීමම මට ලැබුණූ භාග්‍යයක් හා ලොකු සතුටක්. මේ චරිතයට පන පොවන්න ඔවුන්ගෙන් මට විශාල සහයෝගයක් මඟපෙන්වීමක් ලැබුණා. පුබුදු, ඉසුරු අයියාගෙන් රංගනය ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. දසුන්ගේ තියෙන්නේ වෙනම ශෛලියක්.

ඒ සහයෝගයත් එක්ක මේ චිත්‍රපටයට ඔබ

දුන් දායකත්වය පිළිබඳ සෑහීමකට

පත් වෙනවාද?

අනිවාර්යයෙන්ම. මං මගේ උපරිම දායකත්වය, උපරිම රංගන හැකියාව මේ චරිතයට ලබා දුන්නා. එය මේ චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ටත් පැහැදිලි වේවි.

ඒ වෙනුවෙන් ඔබ කොපමණ කාලයක්

කැපවීම්, පුහුණු වීම් කළාද?

මේ චරිතය ටිකක් අමාරු, බැරෑරුම් චරිතයක්. චිත්‍රපටයේ හරි අඩක්ම මම මැරුණු කෙනෙක්. ඒ චරිතයට අදාළ ගොඩක් දේවල් මම ක්‍රමයෙන් ඉගෙන ගත්තා.

ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මෝස්තර

නිරූපිකාවක් ලෙස. ඒ භූමිකාව දැන්

වෙනස් වෙලාද?

මේ වෙද්දි නිරූපණ කටයුතු, ටෙලි නාට්‍ය, වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීම හරිම අඩුයි. අවුරුද්දටම එක චිත්‍රපටයක රඟපාලා ගෙදර ඉන්න පුළුවන් තත්ත්වෙකයි මම ඉන්නේ. මෙය මගේ රස්සාව සහ විනෝදාංශය යන දෙකම. මේකෙන් මම හම්බ නොකරනවා නෙමෙයි. නමුත් රංගනයෙන් මට ලොකුවට මුදල් ඉපැයීමේ ආසාවක් නැහැ.

එක හොඳ වැඩක් කරලා ගෙදරට වෙලා ඉන්න තිබ්බා නම් මට ඒ ඇති. මේ ක්ෂේත්‍රයේ මට පුළුවන් තාක් කල් රැඳේවී. හැබැයි බදාගෙන වැඩ කරන්න කැමැති නැහැ.

වසරකට එකක් තෝරා ගන්න තරම්

ඇරියුම් ඔබට එනවා කියලද කියන්නේ?

ඕනෑතරම් ඇරියුම් තිබෙනවා. හැබැයි ලැබෙන හැම පිටපතම ඕකේ කරන්න මම කැමැති නැහැ. තෝරා ගත් ෆිල්ම්ස්වලට විතරයි මම දායකත්වය දෙන්නේ. මේ චිත්‍රපටයේ දකින මාව නෙමෙයි ඊළඟ චිත්‍රපටයේ දකින්නේ. මම බොහොම තෝරා ගැනීම් එක්ක වැඩ කරන කෙනෙක්. හැබැයි මගේ රංගනයට සීමා නැහැ.

මේවා ඔබ ඔබටම පනවා ගත් සීමාද?

පැනවු සීමාද?

මගේ සැමියා හරිම කැමැතියි මම වැඩ කරනවාට. ඉතින් මට එහෙම පැනවුණු සීමා නැහැ. මම, මට සීමා පනවාගෙනත් නැහැ. මම සීමා නැතිව වැඩ කරන කෙනෙක් බව මා එක්ක වැඩ කරන අධ්‍යක්ෂවරු දන්නවා.

ඒ කියන්නේ ඔබ විවාහකයි?

ඔව් නේ..

සාමාන්‍යයෙන් මේ ෆීල්ඩ් එකට ආපු අලුත

නොකියන රහසක් ඔබ කිවුවා?

මම හිතන්නේ එය සැඟවිය යුත්තක් නොවිය යුතුයි කියලා.

මොන ප්‍රතිචාර ලැබුණත් ඕනෑම විලාසයක

රංගනයේ යෙදෙන්න ඔබ එකඟයි?

අනිවාර්යයෙන්ම. මේක කොහොමත් විවේචනයට ලක් වෙන ක්ෂේත්‍රයක්.

සිනමාවේ දිගු ගමනක් යන්න නම් රංගනයේ

ගැඹුරු හැදෑරීමකුත් අවශ්‍ය වේවි?

මම දැනටමත් රංගනය, අධ්‍යක්ෂණය, සංස්කරණය සහ ශබ්ද පරිපාලනය ගැන ජාතික චිත්‍රපට සංස්ථාවේ උපාධිය කරන ගමන්.

සිනමාවේ සහ හෙට දවසේ ඔබේ ඉලක්ක?

මම මැරෙනකල් සිනමාවේ රැඳෙන්න හරිම කැමැතියි. රංගනය පිළිබඳ ඉගෙන ගනිමින් සිනමාවේ රැඳෙන්න හදන කෙනෙක්. රංගනයට උඩින් කඩා පාත් වූ කෙනෙක් විඳිහට ලේබල් වෙන්න මම කැමැති නැහැ. එනිසාම මොන බාධක ආවත් මම සිනමාවේ රැඳේවී

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි
==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.