
ඇමරිකානු රජය හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහි යුද අපරාධ චෝදනා
එල්ල කිරීමට මුල් වූයේ හිටපු මේජර් ජෙනරාල්වරයකු ඇමරිකානු රාජ්‍ය
දෙපාර්තමේන්තුවට ලබාදුන් පිටු 200 ක දිවුරුම් ප්‍රකාශය නිසා බව අනාවරණය වී
ඇත.
මෙම හිටපු මේජර් ජෙනරාල්වරයා වන්නි මෙහෙයුමේ සියලු මෙහෙයුම් කටයුතු සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ දුන් විධාන භාරව සිටියේ තමා බව එම දිවුරුම් ප්‍රකාශයෙන් සඳහන් කර තිබේ.
මෙම දිවුරුම් ප්‍රකාශය ගැන හමුදා බලධාරීන්ට වසන් වී තිබණි.
මේ දිවුරුම් ප්‍රකාශය ලබාදුන් හිටපු මේජර් ජෙනරාල්වරයා 2015 ජනාධිපතිවරණ සමයේ මෙරටට පැමිණ සිය නම වෙනස් කරගෙන ඇත.
පසුව යහපාලන රජය යටතේ ඔහුට තානාපති ධුරයක් ද ලබාදී තිබුණි.
දකුණු පළාතේ හිටපු ශ්‍රීලනිප ඇමැතිවරයකුගේ මස්‌සිනා වූ මෙම නිලධාරියා තානාපති ධුරය ලබාගෙන ඇත්තේ සිය අලුත් නමින් බව හෙළි වී ඇත.
මේ අතර වන්නි මෙහෙයුමේ කටයුතු සහ හිටපු ආරක්‍ෂක ලේකම්ගේ විධානයන් භාරව තමා සිටි බවට ඔහු කර ඇති ප්‍රකාශය අමූලික බොරුවක් බව ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසීය.
මෙකී දිවුරුම් ප්‍රකාශය ගැන රජය හෝ හමුදාව ඔහුට එරෙහිව රාජ්‍ය රහස් පනත යටතේ විමර්ශනයක් ආරම්භ කර නැත.
(under the courtesy of lankacnews.com news web)මෙම හිටපු මේජර් ජෙනරාල්වරයා වන්නි මෙහෙයුමේ සියලු මෙහෙයුම් කටයුතු සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ දුන් විධාන භාරව සිටියේ තමා බව එම දිවුරුම් ප්‍රකාශයෙන් සඳහන් කර තිබේ.
මෙම දිවුරුම් ප්‍රකාශය ගැන හමුදා බලධාරීන්ට වසන් වී තිබණි.
මේ දිවුරුම් ප්‍රකාශය ලබාදුන් හිටපු මේජර් ජෙනරාල්වරයා 2015 ජනාධිපතිවරණ සමයේ මෙරටට පැමිණ සිය නම වෙනස් කරගෙන ඇත.
පසුව යහපාලන රජය යටතේ ඔහුට තානාපති ධුරයක් ද ලබාදී තිබුණි.
දකුණු පළාතේ හිටපු ශ්‍රීලනිප ඇමැතිවරයකුගේ මස්‌සිනා වූ මෙම නිලධාරියා තානාපති ධුරය ලබාගෙන ඇත්තේ සිය අලුත් නමින් බව හෙළි වී ඇත.
මේ අතර වන්නි මෙහෙයුමේ කටයුතු සහ හිටපු ආරක්‍ෂක ලේකම්ගේ විධානයන් භාරව තමා සිටි බවට ඔහු කර ඇති ප්‍රකාශය අමූලික බොරුවක් බව ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසීය.
මෙකී දිවුරුම් ප්‍රකාශය ගැන රජය හෝ හමුදාව ඔහුට එරෙහිව රාජ්‍ය රහස් පනත යටතේ විමර්ශනයක් ආරම්භ කර නැත.
==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====
Post a Comment