Sponsored

Sponsored

නයි ටිකක් ජනපතිගේ ඔඩොක්කුවේ.. මගේ සහය පොහොට්ටුවේ අපේක්‍ෂකටයි..

feature-top
ඇතැම් පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එම පිරිසගෙන් කොටසක් කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ සිට රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායක කළ නොහැකි තැන සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් සිදු කිරීමට උත්සාහ ගන්නා බව ඒ මහතා පැවසීය.

එහිදී සිය අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“නයි කීප දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළට රිංගලා ජනාධිපතිතුමාගේ ඔඩොක්කු කුක්කො හැටියට කටයුතු කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා.

මේ අය කරන හානියට වෙද මහත්තයෙක් ළඟට ගිහිල්ලාවත් බෙහෙත් කරන්න බැරි වෙනවා.”

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂ විරෝදී පිලේ සිට ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන නායකයෙකුට තමන් පූර්ණ සහාය ලබා දීමට එකඟවන බවත් ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.