Sponsored

Sponsored

සාක්ෂි ලබාදීම මගින් රාජකාරී ගැටළු ඇතිවිය හැකියි : නීතිපතිවරයා තේරීම්කාරක සභාවට කියයි

feature-top
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම මගින් තම රාජකාරිවලට ගැටලූ මතුවිය හැකි බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා එම තේරීම්කාරක සභාව හමුවේ අද (26) ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන තේරීම්කාරක සභාවේ දී ඊට අදාළව නීතිපතිවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන් මීට පෙර කතානායකවරයා ද ලිඛිතව දැනුවත් කළ බවයි.

ඒ අනුව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාටසාක්ෂි ලබා නොදී පිටව යාමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අවසර ලබාදුන් අතර නීතිපතිවරයා වෙනුවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මේ වන විට කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමින් සිටිනවා.


(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.