Sponsored

Sponsored

තෙවරක් ලංකාවට පැමිණ සහරාන් හමුවූ අනුගාමිකයෙක් සිංගප්පුරුවේදී අල්ලයි

feature-top
ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කල සහරාන් හෂීම් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ සිංගප්පුරු ජාතිකයෙකු සහ තවත් පුද්ගලයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යනු ලබන 36 හැවිරිදි කුටුබ්දින් හාජා නජිමුදීන් නම් මෙම සිංගප්පුරු ජාතිකයා සහරාන හෂීම් ගේ අන්තවාදී දේශන වලට අන්තර්ජාලය ඔස්සේ සවන්දී ඇති අතර අවස්ථා ගණනාවකදී ඔහු සමග අදහස් හුවමාරු කරගෙන ඇති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

2015 වර්ෂයේ මැයි මාසයේ සිට 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මාසය අතර කාලසීමාවේදී කුටුබ්දින් හාජා නජිමුදීන් අවස්ථා තුනකදී සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති අතර එම අවස්ථාවලදී ඔහු සහරාන් හෂීම් මුණගැසී තිබෙන බවට කරුණු අනාවරණය කර ගෙන ඇත. ඊට අමතරව සහරාන් නායකත්වය දැරූ ජාතික තව්හිත් ජමාත් සංවිධානයට මුල්‍යම ආධාර පවා මෙම පුද්ගලයා ලබාදී ඇත.

ඉකුත් අප්‍රේල් 21 වෙනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයට කුටුබ්දින් හාජා නජිමුදින්ගේ සම්බන්ධකම් පවතිනවාද යන්න මෙතෙක් සිදුකර තිබෙන විමර්ශන වලදී හෙළිවී නොමැත.

2013 වර්ෂය්දී සිට මෙම සැකකරු ඉස්ලාම් අන්තවාදී සංවිධානය සමග එක්වීමේ දැඩි උනන්දුවකින් පසුවූ පුද්ගලයෙක් බවට හෙළිවී ඇත. හාජා සමග අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් සැකකරු වන 47 හැවිදිරි සුදිර්මාන් සමිකින් යන අය සමග ISIS සංවිධානය සමග එක්වීම සඳහා සිරියාව බලා යාමට සුදානම්ව සිටි අයෙක් බවයි හෙළිවී ඇත්තේ.

කෙසේ වුවත් කුටුබ්දින් හාජා නජිමුදීන් දිගින් දිගටම ISIS සංවිධානයට ආධාර අනුබල දීම සිදුකර ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත.
(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.