Sponsored

Sponsored

බදියුදීන් නිර්දෝෂයි.. චෝදනා කිසිවක් සනාථ වී නෑ..- අගමැති

feature-top
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව කිසිදු චෝදනාවක් සනාථ වී නැතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ඇතැම් පිරිස් මෙම වාර්තාවේ යම් යම් කොටස් ප‍්‍රතික්‍ෂේප කිරීමට උත්සාහ දරන බවත් එමගින් සිදුවන්නේ අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදයට අනුබලදීමක් බවද අගමැතිවරයා සඳහන් කළේය.

කිසියම් වාර්තාවක කොටසක් ප‍්‍රතික්‍ෂේප කර ඉතිරි කොටස් පිළිගැනීම කළ නොහැක්කක් බවත් දේශපාලන අරමුණු උදෙසා මෙසේ ක‍්‍රියා කිරීමෙන් සිදුවන්නේ සාක්ෂිවල ශක්තිය අඩපණවීමක් බවත් අගමැතිවරයා කීවේය.

මෙම බුද්ධි අංශ වාර්තාව නීතිපතිවරයා සහ කථානායකවරයා වෙත යවා තිබෙන බවද ඔවුන් ඒ පිළිබඳව නිසි පියවර ගනු ඇති බවද අගමැතිවරයා සඳහන් කළේය.

අගමැතිවරයා මේ බැව් පැවසුවේ කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ පේ‍්‍රක්ෂකාගාරය විවෘත කිරීම නිමිත්තෙන් ඊයේ (14 වැනිදා) පැවැති උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධව පොලිස් බුද්ධි අංශය විසින් කරනු ලැබූ පරීක්‍ෂණයට අනුව වාර්තාව කාදිනල්තුමා මෙරටට පැමිණි ගමන් ලබාදීමට මම උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවටත්, සභාවේ නියෝජිතයන්ටත් එම වාර්තාව ලබාදීමට මා උපදෙස් දී තිබෙනවා.

එම වාර්තාව කථානායකවරයා විසින් අපට ලබාදුන්නා. එම වාර්තාවේ චෝදනා 300 ක් තිබුණා. එම චෝදනාවල බහුතරයක් කිසිදු පදනමකින් තොරව කළ චෝදනා බව සඳහන් වෙනවා. ඉන් සමහර චෝදනා පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාළ කිසිදු කරුණක් නැති බවත් සඳහන් වෙනවා. ඒ අනුව රිෂාඞ් බදියුදීන් ඇමැතිතුමාට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බව කථානායකවරයා දැනුම් දුන්නා.

මේ පිළිබඳව නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව පවසා තිබෙනවා. එමගින් සිදුවන්නේ සාක්‍ෂි අඩපණ වීමයි. අයි. එස්. අයි. එස්. සැබෑ ත‍්‍රස්තවාදීන්ට ගැලවී යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. බුද්ධි අංශ විසින් මාස දෙකක් තිස්සේ සිදුකරන ලද පරීක්‍ෂණ අවතක්සේරු කිරීමයි.

බුද්ධි අංශ පිළිබඳව කිඹුල් කඳුළු සලන අයගේ සැබෑ ස්වරූපය මේ කි‍්‍රයාවෙන් හෙළිදරව් වන බවද වික‍්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අබ්දුල්ලාහ් මහරූෆ්, ඉම්රාන් මහරූෆ්, එම්. එස්. තෞෆික්, කේ. තුරෙයි රත්නසිංහම්, සන්දිත් සමරසිංහ, කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එස්. එම්. එස්. අලිෆා යන මහත්වරුන් ප‍්‍රමුඛ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.