සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නද එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තමා වෙත බලාපොරොත්තු වෙමින් ප‍්‍රචාරණ මෙහෙයුමක්
ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
ලෝක සෞඛ්‍ය සමුළුවේ උපසභාපතිධුරය හිමිවූ පුවත සඳහන් කරමින් ඔහුට සුබපැතූ බැනර් හා කටවුට් ප‍්‍රධාන රෝහල් ඉදිරිපිට එල්ලා ඇත්තේ එම ප‍්‍රචාරණ ව්‍යාපෘතියෙහි කොටසක් ලෙස බව වාර්තා වෙයි.
ඊට අමතරව රටම ආවරණය වන පරිද්දෙන් රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාට සුබ පතමින් පෝස්ටර් අලවා ඇත්තේද එම ප‍්‍රචාරණ කටයුතුවල දිගුවක් ලෙසය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ කාලසීමාව තුළ සිදුකළ කටයුතු උත්කර්ෂයට නංවමින් ඉදිරියේදී උත්සවයක් පැවැත්වීමටද බලාපොරොත්තු වන බව වැඩිදුරටත් වාර්තා වෙයි.
එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂවල කැමැත්ත දිනාගැනීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයාට හිතවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය.
පසුගිය කාලසීමාවේදී එජාපයේ ප‍්‍රබල අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ලක්ෂ්මන් කිරිඇල්ල, සරත් ෆොන්සේකා යන එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබල අමාත්‍යවරුන්ද ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් ප‍්‍රචාරණ මෙහෙයුම් ආරම්භ කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment