Sponsored

Sponsored

ඉන්දියාවට සඳට යන්න බැරි වෙයි

feature-top
අද සිදු කිරීමට නියමිතව තිබූ ඉන්දියාවේ දෙවන සඳ තරණය වන ‘‘චන්ද්‍රයාන් ටූ’’ මෙහෙයුමට බාධා එල්ල වී තිබෙනවා. ඒ, අදාළ මෙහෙයුමට සූදානම් කර තිබූ අභ්‍යවකාශ යානයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන්.

ඉන්දීය වේලාවෙන් අද අලුයම 02.51 ට ශී‍්‍රහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් එම යානය, ප‍්‍රථිවියෙන් පිටත්වීමට නියමිතව තිබුණා. එහෙත්, එම වේලාවට හෝරාවක් පමණ තිබියදී ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවන බවයි. කෙසේවෙතත්, මෙම මෙහෙයුම සාර්ථකව සිදු කළ හොත්, සඳෙහි මතුපිටට යානයක් ගොඩබස්වන සිව්වන රට ලෙස ඉන්දියාව වාර්තා අතරට එක්වනවා.

මීට පෙර එවැනි වාර්තාවක් තබා තිබුණේ අමෙරිකාව, චීනය සහ පැවැති සෝවියට් සමූහාණ්ඩුව පමණයි.

චන්ද්‍රයාන් ටූ සඳමතට ගොඩබෑමේ මෙහෙයුම සඳහා ඉන්දියාව වෙන් කර ඇති පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 150ක්. සඳෙහි ජලය පවතිනවාද යන්න සහ එහි පාෂාණ සංයුතිය පිළිබඳ දත්ත රැස්කිරීම මෙම මෙහෙයුමේ අරමුණ වනවා. මෙහෙයුම සඳහා භාවිත කරන ජී. එස්. එල්. වී. එම්. කේ. තී‍්‍ර (GSLV Mk-III) දරණ යානය ටොන් 640ක බරකින් යුක්ත වනවා. එහි උස මහල් 14කින් යුත් ගොඩනැගිල්ලක උසට සමාන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.


(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.