Sponsored

Sponsored

"නිරුවත් කර ඇඳකට දැම්මා" රුහුණු සරසවියේ ලිංගික නවකවදය උපරිම වේ.!


රුහුණු සරසවියේ ලිංගික නවකවදය සිදු වන බවට මින්පෙර බොහෝ දෙනා හෙළිකර සිටියා. ඒ අතර විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයාද වූවා. මෑතකදි මාධ්‍ය ඉදිරියට පැමිණි උප කුලපතිවරයා ප්‍රකාශ කළේ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ තිබී කොන්ඩම් බාල්දී දෙකක් හමුවූ බවයි.

මේ අතර රුහුණු සරසවියේ අමානුෂික ලිංගික නවකවදයට ලක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් ඊයේ (30) මාධ්‍යයට පැමිණ රුහුණු සරසවියේ අමානුෂික නවකවදය පිළිබඳ කරුණු හෙළිකළා.  එහිදි ඔහු ප්‍රකාශ කළේ රුහුණු විශ්වවිද්‍යාලය තුළදී අමානුෂික ලිංගික නවකවධය පමුණුවමින් ඇතැම් විශේෂ සංගම්වල දේශපාලන අරමුණු සඳහා පෙළඹවීම් සිදුකරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය දර්ශන උදයංග පැවසීය.



මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔහු

"එක් දිනක් හොස්ටල් එකේ මා රැඳී සිටි 114 කාමරයට මහ රෑ පැමිණි සංගමයකට අයත් සිසුන් පිරිසක් මල්ලී දැන් නිදාගෙන හිටියා ඇති අපි යන් කියලා මාව උස්සගෙන ගියා. ගිහින් වොෂ් රූම් එක ළඟදී මගේ ඇඳුම් ගලවා මා නිරුවත් කර මුණින් අතට ඇඳකට දමා මට අමානුෂික ලෙස ලිංගික අතවර සිදුකළා. මම හිතන්නේ අමානුෂික ලිංගික නවකවධය ආරම්භ වුණේ ඒ ආකාරයෙන්. මේ සිද්ධිය නිසා මට නොයෙකුත් ආකාරයේ රෝගවලට මුහුණදෙන්න සිදුවුණා. මගේ ඇඟ වෙනස් වුණා. බසයක යන්න බෑ, වමනේ යනවා. පසුව මම හොස්ටල් යන ගමන අතහැර එක එක මිතුරන්ගේ නිවෙස්වල නතර වුණා. රෝගී වුණු නිසා ගම්පහ මහ රෝහලේ නතර වුණා.

රෝහල් පොලිසිය හරහා එච්. අයි. වී. පරීක්‍ෂාවක් පවා සිදුකරන්න මට සිදුවුණා. පසුව මම මේ පිළිබඳව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමත් දැනුවත් කළා. ඒ අයගේ අවසන් තීරණය වුණේ මට වෙනත් විශ්ව විද්‍යාලයකට මාරු කරදීම. පසුගිය ඔක්තෝබර් 01 වැනිදා මට තෙවැනි වසරේ සිසුවෙක් පහරදීමක් සිදුකළා. ඒ කිසිම හේතුවක් නැතිව. මම ඒ ගැන උපකුලපතිවරයා දැනුවත් කළා. නමුත් එතුමා පියවරක් නොගත් නිසා මා මාතර පොලිසියට පැමිණිලි කළා. මේ වැරදිකරුවන්ට දෙවරක්ම පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබුණා. නමුත් ඒ අය ආවේ නැහැ. මගේ අම්මාත් මට නැති වුණා. ඒකට මූලික හේතුව වුණෙත් මට රැග් කරපු පිරිස. මේ අය නිදහස් අධ්‍යාපනය කියමින් දේශපාලන අරමුණු වෙත අප යොමු කරන්න බලනවා. මේ වෙනුවෙන් කිසිවකු ක‍්‍රියාත්මක නොවන්නේ ඇයි?" යනුවෙන් ප්‍රකාශ කළා.


(under the courtesy of nethgossip.lk news web

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.