Sponsored

Sponsored

සාෆි ගැන තවත් පරීක්ෂණයකට වැඩබලන පොලිස්පතිගෙන් උපදෙස්

feature-top
වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත් කර නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙස වැඩබලන පොලිස්පති සී ඩි වික්‍රමරත්න, පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලිඛිතව උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවට අගතියට පත් පාර්ශවය ජාතික පොලිස් කොමිසමට කරන ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින්.

ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිසම විසින් වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්නට ලිපියක් ද යොමු කර තිබෙනවා. එම ලිපිය වැඩබලන පොලිස්පතිවරයා විසින් විශේෂ විමර්ශන ඒකකය වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ. විශේෂ විමර්ශන ඒකකය යටතේ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර වෛද්‍ය මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස එම ලිපියේ සඳහන්.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ එවැනි ලිපියක් විශේෂ විමර්ශන ඒකකය වෙත ලැබී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් මේවනවිට සාකච්ඡා කරමින් පවතින බව ද ඔහු කියා සිටියා.

සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යකරණයට ලක් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි ඉකුත් ද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.