Sponsored

Sponsored

බත රස කරන්නට රසවත් උම්බලකඩ සම්බෝල හදමු

feature-top
කටට රසට කන්නට ප්‍රිය කරන ශ්‍රී ලාංකීකයනට උම්බලකඩ සම්බෝල නැතිවම බැරි කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය :

    හොඳින් කුඩු කර ගත් උම්බලකඩ ග්‍රෑම් 400
    දිගු අතට සිහින්ව කපා ගත් බී ළූණු ග්‍රෑම් 750 g
    කුඩාවට කපාගත් සුදු ළුෑණු බික් 2
    දෙහි ගෙඩියක යුෂ
    කරපිංචා කොළ ස්වල්පයක්
    අවශ්‍ය ප්‍රමාණයට කෑළි මිරිස්
    කුරුඳු පොතු කැබැල්ලක්
    තලාගත් කරදමුංගු කරල් කිහිපයක්
    රස අනුව ලුණු
    රස අනුව සීනි ස්වල්පයක්
    බැදීමට තෙල්

සාදන අයුරු :

පළමුවෙන්ම ගැඹුරු භාජනයකට තෙල් වැඩිපුර දමා මද ගින්දරේ තබා තෙල් ටික රත් වු පසු එයට ළුෑණු වරකට ස්වල්පය බැගින් එක් කරමින් රන්වන් පාට වන තුරු බැද ගන්න. ළුෑණු සියල්ලම බැද ගත් පසු, එම තෙලටම කුරුදුපොතු, කරදමුංගු, සුදු ළුෑණු සහ කරපිංචා කොල ටික එක් කර ඉක්මනින් බැද ඉවතට ගන්න. අවසානයට උම්බලකඩ කුඩු ටික ද එක් කර ටික වේලාවක් බැදෙන්නට හරින්න. ටික වේලාවක් ගිය පසු එයට කෑළි මිරිස්, ලුණු දෙහි ඉස්ම දමා හොදින් කලවම් කර ගන්න. අනතුරුව රස අනුව සිනි ද දමා , කලවම් කර උම්බලකඩ සම්බෝල එක ලිපෙන් ඉවතට ගන්න. නිවෙන්ට හැර පිළිගන්වන්න. නැතිනම් පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා ජීවාණුහරණය කරන ලද බෝතල් වල අසුරා ගන්න.

රසවත් දිව පිනා යන උම්බලකඩ සම්බෝල ඕනෑම කෑම වේලකදී බත්, පාන් හෝ රොටී වර්ග ආදී ඕනෑම ආහාරයක් රසවත් කර ගැනීම සඳහා යොදා ගත හැක.

(under the courtesy of smartlady.lk web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.