Sponsored

Sponsored

බ්‍රෙඩ් කැසරෝල්


feature-top
පාන් වලින් සකසා ගන්න පුළුවන් මේ බ්‍රෙඩ් කැසරෝල්, කෙටි ආහාරයකට වගේම ඔබේ සිඟිත්තාගේ පාසලට, පෙර පාසලට, වගේ අවස්ථා සඳහාත් යවන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

    පාන් බාගයක්
    සොසේජස් කරල් 4
    ළුණු ගෙඩියක්
    මාළු මිරිස් කරලක්
    තක්කාලි ගෙඩියක්
    ගම්මිරිස් කුඩු
    ලුණු කුඩු
    බිත්තර 3

සාදන ක්‍රමය:

භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් එකතු කරන්න .පොඩියට කපාගත් සොසේජස් එයට බැදෙන්න දමන්න. සොසේජස් බැදුණු පසු එයටම කපාගත් ළුණු, මාළු මිරිස්, තක්කාලි, ගම්මිරිස් කුඩු, ලුණු එකතු කර කලවම් කරගන්න. පොඩිවට කපාගත් පාන් කැබලිද එයට එකතු කරන්න.

අවශ්‍ය නම් තම්බා බැදගත් හතු වර්ගයක් හෝ මස් වර්ගයක් මෙයට එකතු කරගන්නත් පුළුවන්. සාදාගත් මිශ්‍රණය බටර් ගාගත් තැටියක දමා තුනී කරගන්න. එයට උඩින් ගසාගත් බිත්තර වත්කරන්න. දැන් මෙය සෙල්සියස් අංශක 180 ක ප්‍රමාණයට රත් කරගත් උඳුනක විනාඩි 20 – 30 ක් බේක් කරන්න.

(under the courtesy of sithmalyaya.com web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.