Sponsored

Sponsored

පිරිමියකුගේ මද සරු බවට හේතු ගොඩක්‌ තිබෙනවා

feature-top
ප්‍රශ්නය - පිරිමින් තුළ මද සරු බව හට ගැනීමට ශුක්‍රාණු නිෂ්පාදනය මද වීම හේතුවක්‌ විය හැකි ආකාරය ගැන පසුගිය සතියේදී අප සාකච්ඡා කළා. ඊළඟට ශුක්‍ර නාලවල පවතින අවරෝධතා නිසා නිසි ලෙස ශුක්‍රානු පිට නොවීම ගැනත් කතා කළා.

වෛද්‍ය ඉන්දික නුවන් - එපමණක්‌ නොවෙයි. නියම දරු පිළිසිඳ ගැනීමකට නම් පිරිමියාගේ ශුක්‍රානු ශක්‌තිමත් විය යුතුයි. පරණ කියමනක්‌ තිබෙනවා සැමියාට පැදුර පෑගුණත් බිරියට දරුවන් පිළිසඳ ගන්නවා කියලා. මේ ව්‍යංගාර්ථයෙන් කියෑවෙන්නේ ඒ පිරිමියාගේ ශ්‍රක්‍රාණු ශක්‌තිමත් බවයි. මද සරු පිරිමියකුගේ ශුක්‍රාණු සාම්පලයක්‌ ගත්තාම අප බලනවා ඒ සාම්පලය කොතරම් ක්‍රියාකාරීද කියලා. කොතරම් Fertile ද කියලා. Fertility (ෆර්ටිලිටි) කියන්නේ සාපල්‍යතාවටයි. සාර්ථක දරු පිළිසිඳ ගැනීමක්‌ වෙන්නේ මෙන්න මේ සාපල්‍යතාව උඩයි. ක්‍රියාකාරී ශුක්‍රාණු ප්‍රමාණය 50 කටත් වැඩි විය යුතුයි. එසෙ නැත්නම් පිළිසිඳ ගැනීමක්‌ ඇතිවන්නේ නැහැ. මගේ චිකිත්සාගාරයේදී මට හමුවෙලා තිබෙනවා ඇතැම් විවාහක පිරිමින් Sperm Count එක හෙවත් ක්‍රියාකාරී ශුක්‍රාණු ප්‍රමාණය 15 නැත්නම් 20 අතර තිබෙන.

ප්‍රශ්නය කොහොමද Sperm Count එක බලාගන්නේ.

වෛද්‍ය ඉන්දික නුවන් - SFA හෙවත් Seminal Fluid Analisis කියලා පරීක්‍ෂණයක්‌ තිබෙනවා. පරීක්‍ෂණය භාජනය කරන පිරිමියාට කියනවා දින 3 ක්‌ ශුක්‍රාණු පිට කරන්න එපා කියලා. තුන්වැනි දවසේ දී ඔහුගෙන් ශුක්‍රාණු සාම්පලයක්‌ අරගෙන එය පර්යේෂණාගාරයකට ලබා දෙනවා. ඉන් පසු අප ගණනය කර බලනවා ශුක්‍රාණු Count, Volume, Fertility කියන කාරණා. ඒ ශුක්‍රාණුවල විෂබීජ තිබෙනවාද කියලා බලනවා. අද ඉන්න මද සරු භාවය සහිත පිරිමින් බහුතරයකගේ ශුක්‍රාණුවල තිබෙනවා විෂබීජ. එනම් Puss Cell කියන නරක්‌ වූ පැසවූ සෛල කොටස්‌.

ප්‍රශ්නය - කොහොමද එවැනි නරක්‌ වූ සෛල හටගන්නේ?

වෛද්‍ය ඉන්දික නුවන් - ගණිකා ඇසුරට යොමු වුණොත් මෙය අනිවාර්යයෙන් ම විය හැකියි. ඒ නැතත් සමහර කාන්තාවන්ගේ යෝනි මාර්ගය තුළ වෛරස්‌ ආසාදන හෝ දිලීර ආසාදන තිබෙනවා. එවැනි කාන්තාවක සමඟ එක්‌වුණාම පිරිමියාටත් ඒ රෝගයේ බලපෑම ඇති වෙනවා. (මා මේ කියන්නේ සමාජ රෝග ගැන නෙවෙයි. ඉන් මෙහා ඇති විය හැකි තත්ත්වයක්‌ ගැනයි)

ඉන්පසු එම ශුක්‍රාණුවලටත් දිලීර හෝ වෛරස්‌ බෝ වෙනවා. එවිට ශුක්‍රාණුවල තිබෙන සෛල නරක්‌ වෙනවා. Puss Cell කියන්නේ මේ සෛල. මේවා මැරුණු නරක්‌ වුණ මලකුණු වගේ දේවල්. මෙහි ජීවයක්‌ ඇත්තෙම නැහැ. මේ වගේම තමයි පිරිමින්ගෙ ලිංගේන්ද්‍රිය තුළ හටගන්නා ආසාදන තත්ත්වය කාන්තාවන්ට බෝ වුණාමත්.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.