Sponsored

Sponsored

අර්ජුන මහේන්ද‍්‍රන් කුදලං එන්න ජනපති මෛත‍්‍රී සිංගප්පූරුවේදී දැල එලා එයි..

feature-top
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප‍්‍රධාන චූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අකරණමය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට බාර දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරු රජයෙන් ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ සිංගප්පූරුවේ පැවැති එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය පරිසර ඇමති වරුන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා එරටට ගොස් සිටි අවස්ථාවේදීය.

සිංගප්පූරු අගමැතිවරයා මුණගැසුනු අවස්ථාවේදී මෙම ඉල්ලීම ජනාධිපතිවරයා විසින් කර තිබේ.

හිටපු මහබැංකු අධිපතිවරයාට බැඳුම්කර චෝදනා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධ ලිපි ගොනුවක් ද ජනාධිපතිවරයා විසින් මෙම සංචාරයට ගෙනගොස් ඇත.

එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයෙකු ද මෙම සංචාරය සඳහා කැඳවාගෙන ගොස් තිබෙන බව වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.