Sponsored

Sponsored

ශ්‍රී ලාංකේය පලතුරු සලාදය

feature-top
නිතරම කෑමට නොලැබෙන පලතුරු සලාදයක රස මිහිරයි මේ. ජම්බු වාරෙට, කජු පුහුලන් වාරෙට, කටු ලොවි වාරෙට මෙවැනි පලතුරු සලාද රුචි පරිදි සාදා ගන්නට අවස්ථාව තිබේ.

අවශ්‍ය ද්‍රව්‍ය

ජම්බු ගෙඩි 10 යි

කජු පුහුලන් 10 යි

ලොවි හෝ කටු ලොවි ගෙඩි 10 ක්

වියළි කෑලි මිරිස් මේස හැඳි 1/2 ක්

ඉදුණු මිරිස් කුඩාවට කැපූ තේ

හැඳි 1/2 යි

ලූනු ග්‍රෑම් 15 යි (සිහින්ව කපාගත්)

සීනි තේ හැඳි 2 යි

ලුණු තේ හැඳි 1/4 යි

අබ තේ හැඳි 1/2 යි

(විනාකිරෙන් අඹරා ගත්)

ගම්මිරිස් කැබලි තේ හැඳි 1/2 යි

විනාකිරි මේස හැඳි 1/2 යි

දෙහි ගෙඩියක යුෂ

සාදන ක්‍රමය

කජු පුහුලන් පොඩි කෑලි (අඟල් 1/4 කෑලි) කපා දෙහි මිශ්‍ර වතුරේ සෝදා ගන්න. ජම්බු පිරිසුදු කොට අගල් 1/4 කෑලි කපාගන්න. ලුණු, වියළි කෑලි මිරිස්, සිහින්ව ඉදුණු කෑලි මිරිස්, අබ, සීනි, දෙහි යුෂ, විනාකිරි එකට දමා මිශ්‍ර කර රස බලා කපා ගත් කජු පුහුලන් සහ ජම්බු එක්කර සලාද දීිසියකට දමාගන්න. ජම්බු හතරට පලන්න. දෙහි, සීනි සහ මාදං එක්කොට පොඩි නොකර කලවම් කරන්න.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.