
අවශ්‍ය ද්‍රව්‍ය
එළවළු තෙල් මේස හැඳි 02යි
සිහින්ව කපාගත් සුදුළූණු බික් 03යි
චිලීපේස්ට් මේස හැන්දක්
කුඩාවට කපා ගත් කුකුළු මස්
(කටු ඉවත් කරගත්) ග්‍රෑම් 250යි
පිසගත් බත් කෝප්ප 02ක්
සෝයා සෝස් මේස හැන්දක්
ෆිෂ් සෝස් මේස හැන්දක්
කපාගත් බැසිල් කොළ ස්වල්පයක්
කපාගත් කොත්තමල්ලි කොළ මේස හැන්දක්
කපාගත් ලූණු කොළ මේස හැඳි 02යි
සාදන ක්‍රමය
බඳුනක්
ළිප තබා, එයට තෙල් දමා, රත්වන විට සුදු ලූණු එක්කර ගන්න. සුදු ලූණු රන්වන්
පැහැවන විට, එයට චිලී පේස්ට් හා කුඩාවට කපාගත් කුකුළු මස් කැබැලි දමා,
හොඳින් බැදෙන තුරු හැඳිගාමින් පිස ගන්න. කුකුළු මස් හොඳින් බැදුණු පසු,
බත්, ෆිෂ් සෝස් හා සෝයා සෝස් එක්කර හැඳිගාමින් පිස ගන්න. එයට ම
කපාගත් බැසිල් කොළ, කොත්තමල්ලි කොළ හා ලූණු කොළ එක්කර, කලවම් කර, විනාඩියකට පමණ පසු ළිපෙන් බා ගන්න. උණු උණුවේ ම පිළිගන්වන්න.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි
Post a Comment