Sponsored

Sponsored

ස්ථානීය දඩ ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් කාඞ් මගින් ගෙවීමේ පහසුකම දෙන්න සූදානම්

feature-top
මාර්ග වැරදි සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් කාඞ් මගින් ගෙවීමේ පහසුකම තවත් මාස කිහිපයක් ඇතුළත හඳුන්වාදෙන බව පොලිසිය පවසනවා. රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඊට අදාළ නීති දැනටමත් සකස් කර අවසන් බවයි. 

ස්ථානීය දඩ ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් කාඞ් මගින් ගෙවීමේ පහසුකමක් හඳුන්වාදෙන බව පොලිසිය කලක් තිස්සේම ප‍්‍රකාශ කරනවා. එසේ තිබියදී එම පහසුකම හඳුන්වාදීම තවදුරටත් ප‍්‍රමාද වන්නේ මන්දැයි කෙරුණු විමසීමකදීයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉහත ප‍්‍රතිචාරය දැක්වූයේ.

මාර්ග වැරදි හඳුනාගැනීම සඳහා  CCTV කැමරා යොදා ගැනීම තවදුරටත් පුළුල් කිරීමට ද සැලසුම් සකස් කර ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

CCTV කැමරා මාර්ගවල සවි කිරීම තරමක් ප‍්‍රමාද වී තිබෙන්නේ ඒ සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවන නිසා බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා. 

(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.