Sponsored

Sponsored

ඉන්දියන් බිරියානි

feature-top
සිය ආහාර රටාවේ විවිධත්වය සොයන ඔබට, අප මෙවර තීරණය කළා  අසල්වැසී රට වන ඉන්දියාවේ කෑම වේලක් සකස් කරන හැටි කියා දෙන්න. ඉන්දියන් බිරියානි ලෙස හඳුන්වනු ලබන මෙම කෑම වේල නිදහස්ව විවේකීව ඉන්න වෙලාවක හදල බලන්න කියලා අප ඉල්ලනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

බාස්මතී සහල් 800g

බිරියානි මික්ස් Bottele 500ml

කුකුල් මස් 750 g

බේ ලීව්ස් 10 g

බී ලූනු 500 g

බෝංචි 500 g

අල 500 g

රෝස වතුර 200 ml

ලුණු කුඩු 50 g

ලී තෙල් 200 ml

ප්ලම්ස් 100 g

අන්නාසි 500 g

පපඩම් 100 g

මැන්ගෝ චට්නි 200 g

කරාබු නැටි, කුරුඳු, සුදු ලූනු, එන්සහල්, ගනානා මසාලා පවුඩර්, මිරිස් කුඩු, තුනපහ, අමු මිරිස්, රම්ප, කරපිංචා, කරාබු නැටි කොළ (අවශ්‍ය පමණට)

 සාදන ක්‍රමය

බාස්මතී සහල් හොදින් සෝදා වතුර ඉවත් කර විනාඩි 10 ක් පමණ පෙගෙන්න තබන්න. ඉන්පසු සාස්පානක් ගෙන එය ළිපේ තබා ගී තෙල් දමා ඊට ඉඟුරු, ලූනු, සුදු ලූනු රම්ප, කරපිංචා, කරාබු නැටි, ලුණු, එනසහල්, ගනානා මසාල පවුඩර්, බේ ලීව්ස්, බිරියානි මික්ස් එකතු කර හොදින් කවලම් කරගන්න. ඉන් අනතුරුව බාස්මතී සහල් කෝප්ප තුනක් සහ වතුර කෝප්ප 05 ක් එකතු කර මුලින් තද රස්නෙන් විනාඩි 10ක් සහ මද රස්නෙන් විනාඩි 10 ක් ලෙස විනාඩි 20ක් තම්බා ගන්න.

දෙවනුව ගනානා මසාලා, තුනපහ, මිරිස් කුඩු, සුදු ලූනු, බී ලූනුූ, විනාකිරි, මී කිරි, රම්ප කරපිංචා, ලුණු, එනසහල්, කරාබු නැටි කොත්තමල්ලි කොළ තෙලට දමා හොදින් කවලම් කරගෙන ඊට කුකුල් මස් එක්කර එහි දුඹුරු පැහැය වනතෙක් විනාඩි 15 ක් පමණ තම්බාගන්න.

මුලින් සාදාගත් බත් තුනෙන් එකක් ඉවත් කර ඊට කුකුල් මස් කරියෙන් ටිකක් දමන්න. නැවත බත් ඒ මත දමා යළි කුකුල් මස් කරියෙන් ටිකක් යොදන්න. එසේ කර අවසානයේ බත්වලින් මස් කරිය වසා, ඒ මතට බැදගත් කජු, ප්ලම්ස්, කොත්තමල්ලි කොළ, බඳින ලද පපඩම සහ චට්නිය එකතු කර පිළිගන්වන්න.


curtesy :mihithuru.lk

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.