Sponsored

Sponsored

දකුණට ආවේනික මාළු ඇඹුල්තියල්

feature-top
මාළු ඇඹුල්තියල් කියන්නේ දකුණට ආවේනික රසවත් කෑමක්. මේ ඇඹුල්තියල් මාළු ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල් අතරත් ඉතා ජනප්‍රිය කෑමක්. ඒ නිසාම බොහෝ දෙනෙක් අපෙන් නිරන්තරයෙන් අහපු දෙයක් තමයි ඇඹුල්තියල් හදාගන්නේ කොහොමද කියලා. ඒ නිසා අප මෙවර මාතර කළ සංචාරයෙදී ඇඹුල්තියල් හදන හැටි දැනගත්ත විතරක් නෙවෙයි ඔබටත් කියා දෙන්න තීරණය කළා.එහෙනම් ඔබත් මේ විදියට මාළු ඇඹුල් තියල් හදලා කෑම වේලට එක්කර ගෙන රස ගුණ බලලා අපිටත් කියන්න.

 අවශ්‍ය ද්‍රව්‍ය

බලයා (අවශ්‍ය ප්‍රමාණයට)
කෙළවල්ලා (අවශ්‍ය ප්‍රමාණයට)
අඹරා ගත් ගොරකා
ගම්මිරිස්
ලුණු
රම්පේ
කරපිංචා
කුරුඳු,
සුදු ලූනු
එන්සහල්
වතුර ස්වල්පයක්
සාදන අයුරු

බලයා හෝ කෙළවල්ලා මාළු අවශ්‍ය ප්‍රමාණයට ගෙන කෑලිවලට කපාගන්න. එය හොදින් සෝදා පැත්තකින් තබාගන්න. ඉන් අනතුරුව අඹරාගත් ගොරකා සහ ගම්මිරිස් වතුර ටිකක් සමඟ මිශ්‍ර කර පල්පයක් සේ සකස් කරගන්න. ඊට රම්ප, කරපිංච, කුරුඳු පොතු,එනසහල්, සුදුලූනු හා එකතු කරගන්න. එසේ සාදාගත් පල්පය මාළුවල දවටා මැටි හට්ටියකට දමාගන්න.ඉතිරි පල්පයද මාළු වැසෙන සේ දමා මද රස්නයේ තම්බා ගන්න. වතුර හිදෙන තුරු තම්බා ගන්න. එසේ වතුර හිදුණු පසු ලිපෙන් ඉවතට ගෙන හොදින් වසා තබන්න


curtesy :mihithuru.lk

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.