Sponsored

Sponsored

මඤ්ඤොක්කා ක්‍රොකට්

feature-top
අපේ රටේ මිනිස්සු තමන්ගේ බත් වේල වෙනුවට මඤ්ඤොක්කා ආහාරයට ගන්න පුදුම රුචිකත්වයක් දක්වන්නේ. ඒ අනුව අපි මෙවර තීරණය කලා තම්බල කාපු මඤ්ඤොක්කාවලින්, මඤ්ඤොක්කා ක්‍රොකට් හදන හදන හැටි කියල දෙන්න.ඔබටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙලා මඤ්ඤොක්කා ක්‍රොකට් හදලා එහි රස විදින්න.

අවශ්‍ය ද්‍රව්‍ය

ගා ගත් මඤ්ඤොක්කා කෝප්ප 01

ගා ගත් පොල් කෝප්ප 01

අවශ්‍ය ප්‍රමාණයට ලුණු

බැදීමට තෙල්

පිරවීම සඳහා -

තෙම්පරාදු කළ මාළු, සිහින්ව ලියා ගත් මස් හෝ එළවළු, කොච්චි සම්බෝල ආදී ඕනෑම දෙයක් මීට එක්කර ගත හැක.

 සාදන ක්‍රමය

පළමුව මඤ්ඤොක්කා පොතු ඉවත් කර සිහින්ව ගා ගන්න. ( දියර ගතිය වැඩි නම් මිරිකා ගන්න) එලෙස ගා ගත් මඤ්ඤොක්කා, පොල් හා ලුණු සමඟ මිශ්‍ර කරන්න. මඤ්ඤොක්කා ස්වල්පයක් ගෙන බෝලයක ආකාරයට සාදා අත්ල මතට ගෙන රවුමට තුනීකර පිරවීමට සුදුසු මිශ්‍රණය මැදට යොදා දිගටි රවුම් හැඩයට සකසා ගන්න. (මෙහිදී පිරවූ ද්‍රව්‍ය මනාව මඤ්ඤොක්කා මිශ්‍රණයෙන් වැසිය යුතුය) ඉන් අනතුරුව ගැඹුරු තෙලෙහි රන්වන් පාට වන තුරු බැදගන්න.


curtesy :mihithuru.lk

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.