Sponsored

Sponsored

ජනපති අපේක්‍ෂකයා තෝරන්න රනිල්ගෙන් වෙනම සාකච්ඡාවක්

feature-top
ජනාධිපති අපේක්‍ෂකයා නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන තෙක් කිසිදු නව පෙරමුණක් ඇති කර නොගත යුතු බව එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු යෝජනා කර තිබෙනවා.

ඔවුන් මෙම යෝජනාව කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම අරලියගහ මන්දිරයේදී රැස්වී සිදුකළ සාකච්ඡාවකදීයි.

කිසියම් නව පෙරමුණක් ඇති කර ගන්නේ නම් එය සිදුවිය යුත්තේ නම් කරන ජනාධිපති අපේක්‍ෂකයාගේ අභිමතය අනුව බවද එහිදී යෝජනා වී තිබෙනවා. කෙසේවෙතත් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිය නව පෙරමුණ අගෝස්තු 5 වැනිදා පිහිටුවන බවයි එක්සත් ජාතික පක්‍ෂය මීට ප‍්‍රකාශ කළේ.

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස නම් කළ යුතු බව මෙම සාකච්ඡාවේදී අමාත්‍ය කබීර් හෂීම් යෝජනා කර තිබෙනවා. මලික් සමරවික‍්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල, එරාන් වික‍්‍රමරත්න, අජිත් පී පෙරේරා සහ හර්ෂ ද සිල්වා යන අය ද ප‍්‍රකාශ කර ඇත්තේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කළ යුතු බවයි.

අමාත්‍ය රවී කරුණානායකද මෙහිදී අදහස් දැක්වීමට උත්සාහ කර ඇති නමුත් සෙසු මන්තී‍්‍රවරුන් ඊට අවස්ථාවක් ලබාදී නොමැති බවද දේශපාලන ආරංචි පැවසුවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පසුව ප‍්‍රකාශ කර ඇත්තේ ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳ සංවාද කිරීම සදහාම තවත් සාකච්ඡාවක් පසු අවස්ථාවකදී කැඳවන බවයි.


(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.