Sponsored

Sponsored

සේවකයන්ගේ කාර්යයන් ගැන නව පනතින් නීති සැකසේ


feature-top
කම්කරු අයීතින් යටපත් කරමින් නව නීති පැනවීමට උත්සාහ කරන බවට ඇතැම් පාර්ශ්ව කරන චෝදනා ආණ්ඩුව ප‍්‍රතික්‍ෂේප කරනවා. කම්කරු නීති සම්බන්ධයෙන් නව පනතක් සකස් කිරීමට කටයුතු කරමින් තිබුණත් ඉන් අදහස් කරන්නේ කම්කරු අයිතීන් යටපත් කිරීමට නොව කම්කරු නීති වඩා සරළ කිරීමට සහ අයිතීන් තහවුරු කිරීමට බවයි කම්කරු අමාත්‍යාංශය පැවසුවේ.

යෝජිත නව පනත සම්බන්ධයෙන් කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ ඊයේ (23) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිසිර ජයකොඩිද අදහස් පළ කළා. ඔහු පැවසුවේ ස්ථිර සේවකයන් වෙනුවට කොන්ත‍්‍රාත් හෝ අනියම් පදනම යටතේ මෑන් පවර් සේවකයන් සේවයට යොදවා ගැනීමට මෙම නව පනත මගින් පහසුකම් සැපයෙන බවයි. ඒ නිසා කම්කරු  අයිතීන් යටපත් වී ජාවාරම් සඳහා ඉඩ සැලසෙනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නා.

නෙත් නිවුස් මේ පිළිබඳ කළ විමසීමකදි කම්කරු අමාත්‍යාංශය පැවසුවේ ස්ථිර සේවකයන්ට හිමි බොහෝ අයිතීන් මෑන් පවර් සේවකයන්ට නොලැබෙන බව නිරීක්‍ෂණය වී ඇති බවයි. ඒ අනුව නව පනත මගින් උත්සාහ කරන්නේ මෑන් පවර් සේවාව ධෛර්යමත් කිරීමට නොව එය අධෛර්ය කිරීමට බවද කම්කරු අමාත්‍යාංශය පැවසුවා.

නිදසුනක් ලෙස මෑන් පවර් සේවකයන් යොදවා ගත හැක්කේ ආයතනයේ ප‍්‍රධාන කාර්යයන් නොවන අමතර කාර්යයන් සඳහා පමණක් බවට මෙමගින් නීති සැකසෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

යෝජිත නම කෙටුම්පත සකස් කරන්නේ වෘත්තීය සමිතිවල අදහස් ද සැලකිල්ලට ගනිමින් බව කම්කරු අමාත්‍යාංශය වැඩිදුරටත් කියාසිටියා.
(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.