ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ
පාර්ශ්වලවලට බල කිරීමේ යෝජනාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සම්මත කර
ගෙන තිබෙනවා. ඒ, ඊයේ (24) රාති‍්‍රයේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභා
රැස්වීමේදීයි.
ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ "සියලුම මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින්ගේ ඒකමතිකව යෝජනාවන් සම්මත කෙරුණා. ඒ තමයි මේ වන විට රටේ පළාත් සභා විසුරුවා හැරලා අවුරුද්දක් අවුරුදු එකහමාරක් විතර වෙනවා.. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ආයතන විදිහට නොගැලපෙන තත්ත්වයක්. ඒ නිසා හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු කළ යුතුයි කියලා පෙන්වා දුන්නා. ඒ යෝජනාව ඒකමතිකව සම්මත වුණා." යනුවෙනි.
මේ අතර පොදු සන්ධානයක් වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නායක මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ඔහු කියා සිටියේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රාතී‍්‍ර 07.00 ට ජනාධිපති නිල නිවසේදී රැස්වුණා.
(under the courtesy of nethnews.lk news web)

Post a Comment