Sponsored

Sponsored

නවසීලන්තයේ සිට පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රි රිමාන්ඩ්

feature-top
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රි උපුල් හේරත් යන අයව අගෝස්තු මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා ඊයේ (24) සවස නියෝග කළා.

පසුගිය මැයි මස 13 වැනිදා මාරවිල අධිකරණ බල ප්‍රදේශයේ තුම්මෝදර, කොට්ටරාමුල්ල සහ මොරකැලේ යන ප්‍රදේශවල සිදුවූ කලහකාරී සිදුවීම්වලට නායකත්වය ලබා දී ඇත්තේ සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා විසින් බවට කොස්වත්ත පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

මෙම සිදුවීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රිවරයා නවසීලන්තය බලා ගොස් තිබූ බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුව තම නීතිඥයින් මගින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට සැකකාර මන්ත්‍රිවරයා කටයුතු කර තිබුණා. ඒ අනුව ඔහු ඊයේ දහවල් මාරවිල අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා මැයි මස13 වැනිදා සිදුවූ කිසිදු සිදුවීමට සම්බන්ධයක් නොමැති බවත්, ඔහු එම ස්ථානවල රැදී නොසිටි බවත් නීතිඥයින් අධිකරණය හමුවේ කියා සිටියා.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මාරවිල අධිකරණ බල ප්‍රදේශයට අයත් තුම්මෝදර, කොට්ටරාමුල්ල සහ මොරකැලේ යන ප්‍රදේශවල සිදුවීම් 27 ක් සම්බන්ධයෙන් තමන්ට වාර්තා වී ඇති බවත්, පොලීසිය පවසන ආකාරයට එම කටයුතුවලට නායකත්වය දුන් අයට ඇප ලබා දෙන්නේ කුමන පදනමක් මතදැයි දිසා විනිසුරුවරයා මෙහිදී ප්‍රශ්ණ කර සිටියා. මෙම සිදුවීම්වලදී මිනිස් ඝාතනයක්, නිවාස ගිනි තැබීම් ,දේපළවලට හානි සිදු කිරීම්ද වාර්තා වී ඇති බවද දිසා විනිසුරුවරයා විවෘත අධිකරණයේදී කියා සිටියා.

සැකකාර මන්ත්‍රිවරයා රටෙන් පලා යාමක් කර නොමැති බවත්, නවසීලන්තයේ ජීවත් වන තම බිරිඳ සහ දරුවන් දැක බලා ගැනීම සඳහා ඔහු එහි ගොස් ඇති බවත්, එම කාලවකවානුවේදී සැකකරු වෛද්‍ය  ප්‍රතිකාර ලබා ඇති බවද නීතිඥයින් අධිකරණය හමුවේ කියා සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි කොස්වත්ත පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිහාල් රංජිත් කියා සිටියේ සැකකරු මැයි මස 13 වැනිදා සිදුවූ සිදුවීම්වලට නායකත්වය දුන් බවට පොලීසිය සතුව තොරතුරු ඇති බවයි. එම ගැටුම් මැඩ පැවැත්වීම සඳහා අතිරේක පොලිස් කණ්ඩායම්වලට අමතරව යුධ හමුදාව සහ නාවික හමුදාව කැඳවීමටද සිදුවූ බවද උප පොලිස් පරීක්ෂකවරයා කියා සිටියා.

පොලීසිය විසින් මේ වන විට සිදු කර ඇත්තේ තොරතුරු වාර්තා කිරීමක් පමණක් වන බවත්, ඒ සම්බන්ධයෙන් වූ සවිස්තර සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද දිසා විනිසුරුවරයා කොස්වත්ත පොලීසියට නියෝග කළා.

කොස්වත්ත පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිහාල් රංජිත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥවරුන් වන එච්.ජේ.එම්.ඩී.ජයසිංහ, ඇලෙක්ස් නිශාන්ත, ඉන්ද්‍ර සිරි සේනාරත්න, නාමල් ප්‍රනාන්දු, මධුගංගා කැටවලගෙදර, සුගන්දි සමරවීර, ගංගානි සේනානායක, ශානිකා කුමාරි යන පිරිස් සැකකරු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

 
(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.