Sponsored

Sponsored

ඔස්ටෙ‍්‍රලියාවත් පරාදයි.. කිසිදා ලෝක කුසලානයක් නොදිනූ එංගලන්තය-නවසිලන්තය අවසන් මහා තරගයට..

feature-top
ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ හයවෙනි ජයග්‍රාහී රට ලබන (ජුලි 14) ඉරිදා බිහිවීමට නියමිතය.

ඒ බ්‍රහස්පතින්දා (ජූලි 11) පැවැත්වුන ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමත් සමගය.

ඒ අනුව මෙතෙක් ක්‍රිකට් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට අපොහොසත්වූ රටවල් දෙකක් වන එංගලන්තය සහ නවසීලන්තය ලබන 14 වෙනි ඉරිදා එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ලෝක කුසලානය දිනාගැනීමට තරග වැදීමට නියමිතය.

ඒ අනුව 1996 දී ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෙතෙක් ලෝක ශූරයන් නොවූ රටක් ශූරතාව අත්කර ගන්නේ පළමු වතාවටය.

එංගලන්ත කණ්ඩායම ප්‍රථම වරට ලෝක කුසලාන අවසාන මහා තරගයකට ක්‍රීඩා කළේ 1992 පැවති ලෝක කුසලාන තරගාවලියේදී වන අතර එහිදී ඔවුන් පකිස්තානයට පරාජයට පත්විය.

නවසීලන්ත කණ්ඩායම 2015 වසරේදී ප්‍රථම වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ අතර එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්විය.

බටහිර ඉන්දීය කොදෙව්වන්, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව යන රටවල් 5 මේවන විට ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන තිබේ. ඒ අනුව මෙවර ලෝක කුසලානයේදී ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් 6 වැනි රට බිහිවීමට නියමිතය.

බ්‍රහස්පතින්දා එංගලන්තයේ එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගනයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්ච් (Aaron Finch) පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, පන්දු වාර 49කදී සියළුදෙනා දැවී ඔවුන්ට රැස්කර ගත හැකිවුයේ ලකුණු 223ක් පමණි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ස්ටීව් ස්මිත් (Steve Smith) ලකුණු 85ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී කඩුලු අටකින් සිය ජයග්‍රහණය වාර්තා කළේය.

එංගලන්තය වෙනුවෙන් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ ජේසන් රෝයි ලකුණු 85ක් රැස් කළේ පන්දු 65කින් පමණි.


(under the courtesy of lankacnews.com news web)
Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.