Sponsored

Sponsored

එක්දින පිටියට සමුදුන් සොඳුරු දඩබ්බරයා

feature-top

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 91කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණේ ශ්‍රී ලංකාවෙන් බිහි වු විශිෂ්ට වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගට සිය අවසන් එක්දින තරගය ජයගහ්‍රණයකින් නිමා කර දෙමිනි.

ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට එක්දින කඩුලු 338ක් තමන් සතු කරගෙන තිබුණි.

දකුණු පළාතෙන් ක්‍රිකට් ලොවට දයාද කළ යෝකර් රජු ලෙස සැලකෙන 35 හැවිරිදි ලසිත් මාලිංග වසර 15ක එක්දින ක්‍රිකට් දිවිය ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ නිමා කළේය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමු පන්දුවට පහරදීමට තීරණය කළේය.



ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුල 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 314ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 99කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 17කින් සමඟින් ලකුණූ 111ක් රැස් කිරීමට සමත් වු අතර ඔහු ඊයේ වාර්තා කළේ සිය එක්දින ක්‍රිකටි දිවියේ 5 වන ශතකයයි.

සිය අවසන් එක්දින තරගයේදි පන්දුවට පහරදීම වෙනුවෙන් ලසිත් මාලිංග සිය ප්‍රෙක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද පිටියට පිවිසි අතර මාලිංග නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 6ක්.

මේ අතර ඊයේ තරගය නැරඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද එක්ව සිටියේය.

සහෝදර ක්‍රීඩකයන්ගේ සුබ පැතුම් මැද තම අවසන් එක්දින තරගය වෙනුවෙන් පන්දු රැකීමට ලසිත් මාලිංග පිටියට පිවිසියේය.

ඒ අනුව ලකුණු 315ක ජයග්‍රාහී ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් දෙදෙනෙකු ලසිත් මාලිංගගේ පන්දු හමුවේ දැවී ගියේය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 41යි පන්දු 4කදී සියලු දෙනා දැවී රැස් කර ගැනිමට හැකි වුණේ ලකුණු 223ක් පමණයි.

සිය අවසන් ජාත්‍යන්තර එක්දින තරගය අමතක නොවන තරඟයක් බවට පත්කරගත් මාලිංග, බංගලාදේශ ඉනිමේ අවසන් කඩුල්ල දවාගත්තේ සිය දෑතින් ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණයක් සනිහිටුහන් කරමිනි.

මේ අතර ත්‍යාග ප්‍රධානයට පෙර ලසිත් මාලිංග ඔහුගේ පවුලේ සමාජිකයින්, තරගය නැරඹීමට පැමිණ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණි.

2004 වසරේ එක්දින පිටිය ආක්‍රමණය කරමින් වසර 15ක සිය ක්‍රිකට් දිවියේ එක්දින තරග 226කදී එක්දින කඩුලු 338ක් බිඳ හෙලා ඇති ලසිත් මාලිංග තුන්වන වැඩිම ලෝක කුසලාන කඩුළු ලාභියා ලෙස කඩුලු 56ක් බිඳ හෙලා ඇත.

එක්දින ජාත්‍යන්තර තරගවලදී කඩුලු ත්‍රිත්වයන් තුනක් ලැබූ එකම ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට එක්ව සිටින ලසිත් මාලිංග ශ්‍රී ලංකාවේ තෙවන වැඩිම එක්දින කඩුලු ලාභියා ලෙසද වාර්තා පොත් අතරට එක් වුණි.

එමෙන්ම 2007 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 4 කින් කඩුලු 4 ක් දවා ගනිමින් ඔහු පිහිටවූ විශිෂ්ඨ වාර්තාව තවමත් අසම සමයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවට වාර්තා පිට වාර්තා තැබූ මේ දඩබ්බර ක්‍රීඩකයා ඊයේ සිට ක්‍රිකට් දිවියේ තවත් එක් පරිච්ඡේදයක අවසානය සනිටුහන් කළේ ප්‍රේක්ෂයන් තුළ මතක රැසක් ඉතිරි කරමිනි.

ඊයේ දවස නිමාවත් සමඟ සිලින්ගා මාලි යන නාමයෙන් ප්‍රකට මේ දඩබ්බරයාගේ නෙවරදින යෝකර් පන්දුව එක්දින ක්‍රිකට් පිටිය තුළදී යලි දැක ගැනීමට නොහැකි වනු ඇත.


(under the courtesy of adaderana.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.