Sponsored

Sponsored

චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සාෆි කිසිවෙකුටත් නොපෙනෙන අයුරින් අධිකරණයට

feature-top
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද අංශයේ සේවය කළ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණ පරිශ‍්‍රයට රැගෙනවිත් තිබෙනවා.

ඒ, ඔහුට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (11) කැඳවිමට නියමිත බැවින්. නඩුව කැඳවීමට නියමිතව ඇත්තේ පස්වරු 01.30ටයි. කෙසේවෙතත්, කිසිවෙකුට නොපෙනෙන අයුරින් අධිකරණ පරිශ‍්‍රය පිටුපස ඇති මාර්ගයකින් වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි අධිකරණය පරිශ‍්‍රයට රැගෙනවිත් ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර අද දිනයේ වෛද්‍යවරයාට එරෙහිව මව්වරුන් ඉදිරිපත් කළ පැමිණිලි විමර්ශනයට සුදුසු වෛද්‍ය පරීක්ෂණය කුමක්දැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි අධිකරණයට රැගෙන ඒමත් සමග කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය අවට ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් ද ආරක්ෂාවට යොදවා ඇති බවයි.

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව එල්ල වී ඇති අයථා වත්කම් ඉපැයීම, මව්වරුන්ට වන්ද්‍යකරණ සැත්කම් සිදු කිරීම සහ ත‍්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන චෝදනා යටතේ ගොනු කර ඇති මෙම නඩුව අද කැඳවනු ලබන්නේ දෙවන වරටයි.

(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.