කෙලවල්ලාගේ බොකු ග්‍රෑම් 500, බැද කුඩු කරගත් තුනපහ කුඩු මේස හැඳි
2, බැද අඹරාගත් වියළි මිරිස් කරල් 15, අමුමිරිස් කරල් 10, රතුලූනු මේස හැඳි
4, ඉඟුරු පෙති 4, සුදුලූනු බික් 2, කුරුඳු කෑල්ලක්, පොල් ගෙඩියක, කිරි,
සේර, රම්පේ, කරපිංචා, තෙල් ස්වල්පයක්
සාදන ක්‍රමය
මාළු බොකු පිසීමේදී ඉතාමත්ම සැලකිය යුතු කරුණක් නම් එහි තිත්ත කොටස් ඉවත් කිරීමය. එම සියලුම කළු පාට කොටස් ඉවත් කිරීමෙන් තිත්ත රස නැති කර ගත හැකිවේ. මේ තිත්ත රස කළු පාට කොටස එක් වුවහොත් ව්‍යංජනයෙහි තිත්ත රසය ඇතිවේ.
මාළු සහ මාළු බොකු පිළියෙල කිරීමේදී විශේෂයෙන්ම මෙම තිත්ත බඩය ඉවත් කළ යුතු වන්නේය. ඊළඟට බඩවැල් කණපිට පෙරලා මෙම බඩවැල් සුද්ධ කරන්න. ඉන්පසු හොඳින් සෝදා පිරිසිදු කරන්න. මෙසේ හොඳට සෝදා කපාගත් මාළු බොකු ඇතිලියකට දමා විනාකිරි මේස හැඳි 02ක් ලුණු ඇට ටිකක් එකතු කර ඉස්ම හිඳෙන තුරු තම්බා ගන්න.
පොල්තෙල් ටික ළිප තබා හොඳින් රත් වූ විට ලියාගත් රතුලූනු වලින් ස්වල්පයක්, ඉඟුරු, සුදුලූනු, රම්පේ සේර සහ කරපිංචා දමා බැදෙන විට තම්බාගත් මාළු බඩ ටික දමා කලවම් කරන්න. හොඳින් ඝනට සාදාගත් පොල්කිරිවලට තුනපහ ආදිය දමා මෙය වත්කර හොඳට ගින්දර දමන්න. විනාඩි 10ට පසු මිටිකිරි දමා බොරය සිටිනසේ උයා ගන්න.
උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

Post a Comment