Sponsored

Sponsored

චොක්ලට් ලාවා කේක්

feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

චොක්ලට් චිප්ස්  ග්‍රෑම් 175

බටර් ග්‍රෑම් 90

පාන්පිටි ග්‍රෑම් 45

ලුණු තේ හැඳි 1/4

බිත්තර 3යි

කොකෝ පවුඩර් ටිකක්

සාදන ආකාරය

චොක්ලට් චිප්ස් ගන්නා විට දියවන වර්ගයකින් තෝරා ගන්න. තරමක් රසවත් වර්ගයක් සමග ඩාක් චොක්ලට් චිප්ස් ටිකක් මිශ්‍රකරගත් විට වඩාත් අලංකාර වර්ණයක් ලබා ගත හැකිය.

චොක්ලට් ටික ඩබල් බොයිල් ක්‍රමයට දියකර ගන්න. එයටම බටර් ද එකතු කරන්න. එය හොඳින් නිවෙන්නට හරින්න. ඒ අතර බිත්තර ගසා ගන්න. එයට ලුණු, වැනිලා එකතු කරගන්න. පිටි ටික හොඳින් හලාගෙන එයද බිත්තර මිශ්‍රණයටම ටික ටික දමන්න. දැන් හොඳින් නිවුණු චොක්ලට් ද්‍රාවණයද මෙයටම එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න.

දැන් අවන් එකකට දැමිය හැකි කුඩා කෝප්ප ගෙන එහි ඇතුළු පෘෂ්ඨයට හොඳින් ගෑවෙන සේ බටර් ආ‍ලේප කරගන්න. ඉන්පසු කොකෝ පවුඩර් ගෙන ඒ මත ඩස්ට් කර ගන්න. මේ ආකාරයට සකස්කරගත් කෝප්ප බේකිං ට්‍රේ එකක් මත අඩුක් කර ගන්න. දැන් ජෝගුවක් වැනි කෝප්පයකට පිටි මිශ්‍රණය දමාගෙන මේවාට වත් කරන්න. 230C

උෂ්ණත්වයට රත්කරගත් උඳුනක විනාඩි 10ක් බේක් කරගන්න. මෙහි මැද ලාවා ගතිය රැඳි පවතින්නේ බේක් කරන කාලයට අනුවය. දැන් උණුවෙන්ම කෝප්පයේ දාර, බුරුල් කරමින් කෝන් පිට්ටු ලෙස පැතැලි තැටිවල මේවා තබා උණුවෙන්ම සංග්‍රහ කරන්න. කැමතිනම් ටිකක් කපා ලාවා ගලායන ලෙස සැකසිය හැකිය.



උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.