Sponsored

Sponsored

ලිංගික ආබාධ නසා සිරුර පෘෂ්ඨිමත් කරන උඳු ඔසුවේ විශ්මිත රහස

feature-top
උඳු ආහාරයක් වශයෙන් මෙන්ම ඖෂධයක් වශයෙන් ඉතා ඈත අතීතයේ සිටම මේ දක්වා භාවිතා වෙනවා.
උඳු මුං වලට සමානව වැවෙන පැලෑටියක් වන අතර මෙය ධාන්‍ය අතුරින් පෝෂණ ගුණය අතින් වැඩිම ආහාරයක් ද වෙනවා.
උඳු සම්පූර්ණ වශයෙන් හෝ පියළි වශයෙන් හෝ තම්බා ආහාරයට ගැනීම සිදු කරන්න පුළුවන්.
ඉන්දියාවේ උඳු ඉතා වැඩි වශයෙන් භාවිතා වන අතර ඉඩ්ලි, ව්‍යංජන, පපඩම්වලට මෙම උඳු භාවිතා කරනවා.
ලා  උඳු කරල් එළවළුවක් වශයෙන් භාවිතා කරන අතර ඒවා පෝෂණය ගුණයෙන් ඉතා ඉහළයි.
 උඳු ඇට පොත්ත හා ගසේ වියළි පිදුරු ගව ආහාරයක් ලෙස ද යොදා ගන්නවා.

උඳුවල ස්වභාවය

උඳු පැණි රසයකින් යුක්ත වන අතර ශීතල කාරක ගුණයක් ඇත. මල වැඩි කිරීමේ ගුණය ඇත. වාත සමන හා වාජීකරණ ගුණ ඇත. උඳු වැඩිපුර භාවිතයෙන් උදරයේ වාතය පිරීම ඇති කරයි.
මුත්‍රා ආබාධ හා රක්තවාත ඇති අය උඳු වැඩිපුර ගැනීම සුදුසු නෑ.
එයට හේතුව වන්නේ එහි ඔක්සලික් අම්ලය ඉහළ ප්‍රමාණයකින් පවතින නිසා සෙම් පිත වැඩි කරන්න එය බලපානවා.
ආහාර රුචිය වඩන උඳු බාහිර වේදනා අඩු කරන අතරම ශරීරය ශක්තිමත් කරන්න උපකාරී වෙනවා.

උඳුවල ඖෂධීය වටිනාකම

කිරි දෙන මව්වරුන්ගේ කිරි වර්ධනය කරන අතරම  ශුක්‍ර වර්ධනයට උපකාරී වෙනවා.
එමෙන්ම ශරීරය පුෂ්ටිමත් කරමින් ශක්තිය වැඩි කරන්නත් මේ උඳු වලට හැකියාව තියනවා.
විශේෂයෙන් වාත සමන ගුණ ඇති බැවින් වාත රෝගවලට මෙය හිතකරයි.
කල් ගත වූ අජීර්ණ රෝගවලට මෙන් ආමාශගත තුවාලවලට ද උඳු කසාය ගුණ දායකයි.
රක්ත අතීසාරය, පිත්ත නාළිකා ප්‍රදාහය, පක්ෂාගාත අර්ධිත, අර්ශස් රෝග, ආම වාත අක්මා රෝගවලට ගුණ දෙන අතර. වාත රෝගවලට ගන්නා කසායවලට උඳු භාවිතා කරයි.
රෝගවලට ප්‍රතිකාර යෙදීමේදී පැලැස්තර යොදන විට ද උඳු ඇල් දියෙන් අඹරා ආලේපකරනවා.

උඳු භාවිතා කර සාදා ගන්නා ඖෂධ වර්ග

වාජීකරණ ඝ්‍රතය, වාජීකරණ පිණ්ඩ රස, වෘශ්‍ය රස, මාස බලාදික්වාතය, වෘශ්‍ය ක්ෂීරය, මහා මාස තෛලය යන මේවා අඩංගු වේ. ශුක්‍ර දුර්වලතාවයට හා ස්වේත ප්‍රදර (සුද යාම) හෙවත් ලියුකෝරියා යන රෝගවලට මාෂාදී මෝදකය සුදුසු වේ.


ප්‍රතිකාර සඳහා උඳු යොදා ගන්නේ මේ ආකාරයටයි

 -දියවැඩියාවේ මුල් අවස්ථාවට

පැල කරන ලද උඳු කරවිල යුෂ කෝප්ප බාගයක් සහ මී පැණි තේ හැඳි 1/2ක් ගැනීම. පිෂ්ඨ ආහාරවලින් වැළකී දිනකට වරක් මාස තුනේ සිට 4 දක්වා ගත යුතු වේ.

-උදරයේ වාත පිරීම

පෙරුම්කායම් ස්වල්පයක් සමග ඉඟුරු හෝ ගම්මිරිස් මිශ්‍ර කර ආහාරයට ගන්න.

- හිසකෙස් දිගු කර හිස්සොරි නැතිකිරීමට

උඳු හා උළුහාල් එකතු කොට පිසින ලද තලපයක් හිසකෙස්වල තැවරීම.

-ලිංගික ආබාධවලට

උඳු පරිප්පු පැය 1/2ක් පමණ පොගවා දිය බේරා ගිතෙලින් බැද ගැනීම

(under the courtesy of womanly.lk blog web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.