හිටපු ඇමැති රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා
මුස්ලිම් කොංග්‍රසය සහ හිටපු ඇමැති රිෂාඩ් බදුයිදීන් මහතාගේ නායකත්වයෙන්
යුතු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරි දින
කිහිපයේදී ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ඇමති එස් බී දිසානායක මහතා
සඳහන් කරයි.
මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් තුන් හතර දෙනෙකු සමඟ ද සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් ඒවා ඉතා සාර්ථක මට්ටමේ පවතින බවත් ඔහු සඳහන් කළේය.
වෙනත් පක්ෂ බිඳවීමට නුසුදුසු යයි සන්ධානය තුළ මතයක් තිබූ නිසා මේ වනතෙක්ම එම පක්ෂ දෙක පක්ෂ ලෙස ම ආණ්ඩුවට සම්බන්ධ කිරීමට සාකච්ඡා කළ බවත් තවදුරටත් එම සාකච්ඡා පැවැතුණද තනි තනි මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගැනීම ඉදිරියේදී සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංගයක් දිනකින් සම්මත කිරීමට උත්සාහ දරන්නේ මේ තත්ත්වය නිසා බවත් යම් ලෙසකින් විධිමත් ක්‍රමවේදයක් ඒ කටයුතු කර විශ්වාසභංගය ගෙන ආවොත් ආණ්ඩුව එය පහසුවෙන්ම ජයගන්නා බවත් ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment