Sponsored

Sponsored

වෙනස්ම රසකට අල කරියක්

feature-top
හැමදාම කන අල හොදි ව්‍යංජනයයි, අල තෙල් දාලා හදන ව්‍යංජනයයි දැන් එපා වෙලා කියලා කිව්වම, ටිකක් වෙනස් විදිහට අල කරියක් හදන ක්‍රමයක් ගැන ගමේ අම්මා කෙනෙක් අපිට කියලා දුන්නා. හදලා බැලුවම ඇත්තටම කන්න ආස හිතෙන, වෙනස් රසක් අපිට දැනුනා. ඉතින් අපේ ගෘහණියන්ට හැමදාම අළුත් දෙයක් ගෙනත් දෙන වෙබ් අඩවියක් විදිහට අපි තීරණය කළා මේ වෙනස් අල කරිය හදන හැටි ගැන ඔබට කියා දෙන්න.


අවශ්‍ය ද්‍රව්‍ය
පොඩි අල ගෙඩි ග්රෑම් 250ක්
කබලේ බැද ගත් පොල් මේස හැඳි 3ක්
බැදපු මිරිස් කුඩු තේ හැන්දක්
රතු ලූනු ගෙඩි 2ක්
සුදු ලූනු බික් 2ක්
රම්පා
කරපිංචා
කුරුඳු පොත්තක්
ගොරකා කැබැල්ලක්
අබ ඇට ස්වල්පයක්
බැදපු උළුහාල් ස්වල්පයක්
ලුණු
සාදන ක්‍රමය
පොත්ත පිටින් අල තම්බා ලෙලි ඇර ගන්න. අල ප්‍රමාණයෙන් විශාල නම් කැබලි වලට කපා ගන්න.
පොල්, රම්පා, කරපිංචා සිහින්ව අඹරා ගන්න.
අල, පොල් මිශ්‍රණය, බැදපු තුන පහ කුඩු, ලුණු, බැදපු උළුහාල් සහ ගොරකා හැර ඉතිරි ද්‍රව්‍ය වලින් තෙම්පරාදුවක් සාදා ගන්න.
එයට අල, පොල් මිශ්‍රණය, බැදපු තුන පහ කුඩු, ලුණු, බැදපු උළුහාල් සහ ගොරකා දමා, වතුර අඬු කෝප්පයක් දමන්න. ඉන් පසු එය හින්දා ගන්න.    


(under the courtesy of goodhousekeeping.lk web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.