Sponsored

Sponsored

බිත්තර කට්ලට්

feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 4ක්
කරපිංචා කිනිත්තක්
ලුණු රසට අනුව
කහ කුඩු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
කුඩා කුරුඳු කැබැල්ලක්
තෙල් අවශ්‍ය තරමට
පාන්පිටි ග්‍රෑම් 150 පමණ
ලුණු ස්වල්පයක්
වතුර
බිස්කට් කුඩු ටිකක්

සාදන ආකාරය
බිත්තර තම්බා කටු ඉවත්කර දෙකට කපා ගන්න. අල තම්බා ‍පොඩිකර ගන්න. ලූනු, අමුමිරිස්, කරපිංචා, සුදුලූනු ඉතාම සිහින්ව කපාගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට ලූනු, සුදුලූනු, කරපිංචා,  දමන්න. කටු හම ඉවත්කරගත් සැමන් ටික අතින් ‍පොඩිකර දමන්න. තම්බාගත් අල ටික දමන්න. දැන් ලුණු, කහ, ගම්මිරිස් දමා හොඳින් මලවා ගන්න. එය නිවෙන්නට හරින්න.
දැන් අතට මේ මිශ්‍රණයෙන් ගුලියක් ගන්න. එය බිත්තර පලුවට තබා සවිකර ගන්න. දැන් ලන්ච් ෂීට් එකකට මේ මිශ්‍රණයෙන් ටිකක් ගෙන තුනී කර එය මත බිත්තර පළුවට සවිවූ කට්ලට් එක තබා බිත්තර පළුව වටාද මේ මිශ්‍රණය හොඳින් දවටා බිත්තරය නොපෙනෙන සේ සකසා ගන්න.
දැන් පාන්පිටිවලට ලුණු සහ වතුර ස්වල්පයක් දමා උකු බැටරයක් සාදා ගන්න. සාදාගත් බිත්තර කට්ලට් එක එහි ගිල්වා බිස්කට් කුඩු මත පෙරලා හොඳින් බිස්කට් කුඩු අලවා ගන්න. දැන් නැවත එය බැටරයේ ගිල්වන්න. නැවත බිස්කට් කුඩු මත පෙරලා ගන්න. දැන් රත්වූ ගැඹුරු තෙලට දමා මදගින්දරේ රන්වන් පාට වනතුරු බැදගන්න. මේ ආකාරයට බැදගත් විට කට්ලට් එක පුපුරන්නේ නැත.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.