Sponsored

Sponsored

මෛත්‍රීයි ගෝඨායි නැගෙනහිරදී ඝාතනය කිරීමට සැළසුමක්..? ජාතික ආරක්ෂාව බරපතළ තර්ජනයක..හදිසි කැබිනට් රැස්වීමත් ඒ නිසාලු..!

feature-top
රටේ ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරීමේ රජයේ කුමන්ත්‍රණයක් පවතින බවත් මෙය ජාතික ආරක්ෂවට බරපතල තර්ජනයක් බවත් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

මෙය ආරක්ෂක අමාත්‍ය ජනාධිපතිවරයා බිත්තියට හේත්තු කිරීමට ආණ්ඩුව දරණ උත්සාහයක ප්‍රතිඵලයක් බව ද  අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා පැවසීය.

මේ අතර ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සැලැස්මක් රටේ ආණ්ඩුව තුළ සහ පොලීසිය සැලසුම් කරනවා නම් රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

මහනුවර ප්‍රදේශයේ දූෂණ විරෝධී බලකායයේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා කැඳවා තිබූ මාධ්‍ය හමුව පිළිබඳ අදහස් දක්වමින් අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ ක‍ළේය.

එහිදී ඔහු පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා නැගෙනහිර පළාත තුළදී ඝාතනය කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් සාකච්ඡා වන කරුණු මෙහිදී ආණාවරණය කෙරුණු බවයි.

මෙය ඉතා බරපතළ ප්‍රකාශයක් බවත් මින් ඉදිරියට පොලීසිය සම්බන්ධයෙන් කිසිඳු විශ්වාසක් නොමැති බවත්,ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂක නාලක සිල්වා මහතා අත්අඩංගුවට ගතයුතු බවත් වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් ප්‍රශ්න කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

අද පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමද මේ සම්බන්ධයෙන් පැවති බවට තොරතුරු ලැබී ඇති බවද ඒ මහතා පැවසීය.

(under the courtesy of nethgossip.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.