Sponsored

Sponsored

හාල්මැස්සන් රස තුනකින්

feature-top
හාල්මැස්සන් කියන්නේ කැල්සියම්, ප්‍රෝටීන් සහ වෙනත් පෝෂක රැසක් අඩංගු ගුණ සපිරි ආහාරයක්. ඒ වගේම තමයි හාල්මැස්සන් දිරවීම ඉතා පහසුයි. මේ නිසාම පවුලේ ලොකු කුඩා ඕනෑම කෙනෙකුට හාල්මැස්සන් හොඳින් ගැලපෙන ආහාරයක්. 

හාල්මැස්සන් කිරි හොදි

අවශ්‍ය ද්‍රව්‍ය :-
හාල්මැස්සන් ග්‍රෑම් 250ක්
කහ තේ හැඳි 1ක්
මිරිස් කුඩු තේ හැඳි 1ක්
තුනපහ තේ හැඳි 1ක්
කොටා ගත් අබ තේ හැඳි 1ක්
මිටි කිරි කෝප්ප 2ක්
දිය කිරි කෝප්ප 1ක්
පෙති කපා ගත් රතු ලුණු ගෙඩි 4ක්
දෙහි ඉස්ම මේස හැඳි 1ක්
අමු මිරිස් කරල් 2ක්
මාළු මිරිස් කරල් 1ක්
ලුණු අවශ්‍ය පමණ
රම්පා
කරපිංචා ඉති 2ක්

සාදන ක්‍රමය
ශුද්ධ කර ගත් හාල්මැස්සන් හොඳින් සෝදා ගන්න. බඳුනකට හාල්මැස්සන්, දිය කිරි, රතු ලුණු, කහ, රම්පා, කරපිංචා, තුනපහ, ලුණු, පෙති කපා ගත් මිරිස් කරල් සහ මිරිස් කුඩු දමා ලිප තබන්න. දිය ගතිය පහව යන විට අබ සහ මිටි කිරි කෝප්ප දෙක දමන්න. හොද්ද උතුරන විට දෙහි ඉස්ම මිශ්‍ර කරන්න.

හාල්මැස්සන් මැලවීම

අවශ්‍ය ද්‍රව්‍ය :-
හාල්මැස්සන් ග්‍රෑම් 250ක්
මාජරින් මේස හැන්දක්  
කුරුඳු පොතු කැබැල්ලක්
ගොරකා කැබැල්ලක්
අමු මිරිස් කරල් 3ක්
සුදු ලුණු බික් 3ක්
කරපිංචා ඉති 2ක්
ඉඟුරු කැබැල්ලක්  
මිරිස් කුඩු මේස හැන්දක්
ගම්මිරිස් කුඩු මේස හැන්දක්
බැදපු තුනපහ කුඩු තේ හැන්දක්
ලුණු අවශ්‍ය පමණ

සාදන ක්‍රමය
ශුද්ධ කල හාල්මැස්සන් හොඳින් සෝදා බඳුනකට දමන්න. සුදු ලුණු, ගොරකා, ඉඟුරු සහ ගම්මිරිස් එකට අඹරා එයට එක් කරන්න. ඉන්පසු අනෙක් සියලු අමුද්‍රව්‍ය සමඟ වතුර කෝප්ප භාගයක් බඳුනට දමා ලිප තබන්න. දිය ගතිය පහව යන විට මාජරින් යොදා හොඳින් කලවම් කරන්න. සම්පුර්ණයෙන්ම දිය සිඳී ගිය පසු ලිපෙන් බා ගන්න.

හාල්මැස්සන් බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය :-
හාල්මැස්සන් ග්රෑම් 250ක්
පොල්තෙල්
ගම්මිරිස් කුඩු මේස හැන්දක්
පෙති කපා ගත් ලොකු රටලුනු ගෙඩියක්
කරපිංචා ඉත්තක්
කෑලි මිරිස් මේස හැඳි 3ක්
කහ කුඩු ස්වල්පයක්
ලුණු අවශ්‍ය පරිදි

සාදන ක්‍රමය
ශුද්ධ කල හාල්මැස්සන් හොඳින් සෝදා බඳුනකට දමන්න. තෙල් හැර අනෙක් ද්‍රව්‍ය මිශ්‍ර කර හාල්මැස්සන් සමඟ අනා, මිනිත්තු 5ක් පමණ තිබෙන්නට හරින්න. වෙනත් බඳුනකට තෙල් දමා ලිප තබන්න. තෙල් රත් වීගෙන එන විට හාල්මැස්සන් මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් දමා, රන්වන් පාට වන තුරු බැද ගන්න.


(under the courtesy of goodhousekeeping.lk web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.