Sponsored

Sponsored

රස ගුණ පිරි මුරුංගා කොළ වලින් වෑංජන සකස් කරමු

feature-top
මුරුංගා කොළ කියන්නේ හරිම ගුණවත් පලා වර්ගයක්. මුරුංගා කොළ වල විටමින් A, විටමින් C, යකඩ සහ කැල්සියම් බහුලව අඩංගු වෙනවා. මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අස්ථි ශක්තිමත් වීම, රුධිරය පිරිසිඳු වීම, ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වීම සහ සිරුරේ දුර්වලතා මඟ හැරී යාම වැනි වාසි රැසක් අත් කර ගන්න පුළුවන්.

මුරුංගා කොළ වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය :-

මුරුංගා කොළ මිටක්
අමු මිරිස් කරල් 2ක්
සිහින්ව කපා ගත් රතු ළුණු ගෙඩි 3ක්
තලාගත් සුදු ළුණු බික් 3ක්
කරපිංචා
රම්පෙ කැබැල්ලක්
පරිප්පු මිටක්
උම්බලකඩ කුඩු මේස හැන්දක්
අමු තුනපහ කුඩු තේ හැන්දක්
මිටි කිරි කෝප්ප භාගයක්
පොල් තෙල් ස්වල්පයක්
කහ කුඩු ස්වල්පයක්
ලුණු කුඩු අවශ්‍ය පමණ

සාදන ක්‍රමය :-
ඉති වලින් සූරා ගත් මුරුංගා කොළ සෝදා දිය බේරෙන්නට පසෙක තබන්න. අමු මිරිස්, රතු ළුණු, සුදු ළුණු, කරපිංචා සහ රම්පා තෙම්පරාදු කර ගන්න. ඉන්පසු පරිප්පු සහ අනෙකුත් සියල්ල දමා වතුර ස්වල්පයක් යොදා තැම්බෙන්නට හරින්න. පරිප්පු තැම්බුණු පසු මුරුංගා කොළ සහ මිටි කිරි එක කර කලවම් කර ගන්න. හොද්ද උතුරන තෙක් තබා ලිපෙන් බා ගන්න.

මුරුංගා කොළ මැල්ලුම
අවශ්‍ය ද්‍රව්‍ය :-
මුරුංගා කොළ අවශ්‍ය පමණ
රතු ළුණු
අමුමිරිස්
පොල් කුඩු
කහ කුඩු ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
දෙහි යුෂ

සාදන ක්‍රමය :-
කපා ගත් මුරුංගා කොළ, සිහින්ව කපා ගත් රතු ළුණු සහ අමුමිරිස් බඳුනකට දමා ගන්න. එයටම ලුණු කුඩු දමා කලවම් කර ගන්න. ඉන් පසුව බඳුන ලිපේ තබා, රත් වන විට පොල් කුඩු, කහ කුඩු සහ දෙහි යුෂ කලවම් කරමින් මලවා ගන්න.


(under the courtesy of goodhousekeeping.lk web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.