Sponsored

Sponsored

සද්ධන්තයෙකුගේ පහරින් ගොවියෙක් දැඩිසත්කාර එකකයට

feature-top
දඹුල්ල නිකවටවන හුරුලු ඇළ ප්‍රදේශයේදී වන අලියකු විසින් පහරදී බරපතළ තුවාල ලැබූ ගොවියෙකු  ඊයේ (18) දින රාත්‍රී දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙලෙස වන පහර කෑමට ලක්ව ඇත්තේ නිකවටවන හුඹස්ගමුව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ජී.නන්දසේන ජයවර්ධන නැමති 46 හැවිරිදි සිව් දරු පියෙකි.

මේ දිනවල පවතින දැඩි නියඟය සහ ආර්ථික අපහසුතාවය නිසා තම සන්තකයේ තිබුණු වතුර මැෂින් එකක් නිකවටවන ප්‍රදේශයේ පුද්ගලයෙකුට උසස් කොට දරුවන්ට ආහාර රැගෙන යෑම සඳහා රාත්‍රි 7ට පමණ ඇළ බැම්ම දිගේ ගමන් කරමින් සිටිය දී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේය.

බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ ගොවියා දඹුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත් ඔහු බරපතළ තත්ත්වයේ පසුවන බව වෛද්‍යවරු පවසයි.

මේ දිනවල පවතින අධික නියං තත්ත්වය නිසා ජලය සොයා ගෙන වන අලින් ගම් වදින බව ප්‍රදේශවාසීහු පවසති.

සීගිරිය වෑවල වැව හුඹස් ගමුව කණ්ඩලම ආදී ප්‍රදේශවල නිරන්තරයෙන්ම වල අලින් රංචුවක් මේ දිනවල සැරිසැරීම නිසා ජන ජීවිත දැඩි අවදානම් තත්ත්වයක පවතින බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.


(under the courtesy of adaderana.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.