Sponsored

Sponsored

ආණ්ඩුව රුපියල අපයෝජනය කරපු හැටි ඩලස් කියයි

feature-top
ශ්‍රී ලංකීය ඉතිහාස තුළ වසර තුනක් තුළ හා සතියක් තුළ රුපියලගේ අගය පහත වැටුණු වෙනත් යුගයක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේදී යුද්ධය පැවති අවස්ථාවේදී ද රුපියලගේ අගය මේ ආකාරයෙන් පහත වැටී නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම රුපියලේ අගය මේ ආකාරයෙන් පහත වැටීම අවප්‍රමාණය වීමක් නොව ආණ්ඩුව විසින් රුපියල අපයෝජනය කිරීමක් ලෙස මෙය හැඳින්විය හැකි බව ඒ මහතා පැවසීය.

රුපියලේ අගය අවප්‍රමාණය වීම මත මෙරට ණය ප්‍රමාණය වැඩි වී ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය රටට හෙළි කර දින අටක් ගතවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ත්‍රස්ත විමර්ශනය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහි මහ මොලකරු බවත් ඔහු ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ පාතාලය හරහා බවත් පාතාලය හා පොලීසිය සම්බන්ධීකරණය කරන්නේ පොලිස්පතිවරයා විසින් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම ඝාතන සැලැස්මේ චරිත තුනක් සම්බන්ධයෙන් සාකච්ඡා වන බවත් ඝාතනය කිරීමට සැලසුම් කරන්නේ වත්මන් ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා බවත් ඒ මඟින් අග්‍රාමාත්‍යවරයා උලුප්පා පෙන්වීමට උත්සහ ගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම චරිත තුන මීළඟ ජනාධිපතිවරණයෙදී අපේක්ෂකයන් ලෙස සමාජයේ කතාබහට ලක්වන පුද්ගලයින් බවත් එම තිදෙනාගෙන් දෙදෙනෙක් ඝාතනය කිරීම මඟින් එක් පිරිසකට වාසි සැලසෙන බවද ඒ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දක්වන උනන්දුව සම්බන්ධයෙන් සැකයක් මතුවන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.