Sponsored

Sponsored

ජීවිතයට උදවු කරන පුංචි දේවල්

feature-top
1. චපාති සාදන විට තැම්බූ අර්තාපල් එකතු කිරීමෙන් පිටිවල මෘදු ගතියක් ඇති වේ.

2. චට්නි සෑදීමට අඹ තෝරාගන්නා විට මඳක් ඉදුණු අඹ තෝරාගන්න.

3. උණු වතුරට දෙහි මිශ්‍ර කරන විට දෙහිවල ඇති විටමින් ‘සී’ විනාශ වන බැවින් දෙහි පානයක් ලෙස සකසන විට නිතරම උණුකර නිවාගත් වතුර පාවිච්චි කරන්න.

4. පොලොස් ඇඹුලක් පිසීමට පොලොස් කෑලි සෝදන වතුරට කහ ස්වල්පයක් දිය කිරීමෙන් පොලොස් ඇඹුලෙහි හොඳ පැහැයක් ඇති කරයි.

5. කහපාට දොඩම් බීමක් ලෙසට පිළියෙළ කිරීමේදී දොඩම් පොතු කැබැල්ලක් ද එක්කර බ්ලෙන්ඩර් කරගන්න. එවිට දොඩම්වල ප්‍රණීත රසයක් මෙන්ම අලංකාර පැහැයක් ද ගනී.

6. වැසි කාලයට කුළුබඩු වේළා ගැනීම ගෘහණියන්ට ඇති මහත් ගැටලුවකි. එයට පිළියමක් ලෙස කබලක් ළිප තබා ඒ මත පත්තර කැබැල්ලක් එළාගෙන සෝදා ගත් කළුබඩු එකින් එක මඳ රස්නෙන් වේළාගන්න.

7. බෝංචි, මෑකරල්, ගෝවා ආදී එළවළු තෙලට දමා මිරිසට පිසගන්නා විට කහ කුඩු සහ මිරිස් කුඩු අඩුවෙන් ද තුනපහ කුඩු ටිකක් වැඩිපුර ද යොදාගත් විට රසය වැඩි කරයි.

8. කරවිල, වම්බටු ආදිය තෙලේ බැදගන්නා විට තෙල් හොඳින් රත්වූ පසුව කහ කුඩු ස්වල්පයක් තෙලට එක්කර ලුණු වතුර වෙනුවට ලුණු කුඩු තවරා බැදගන්න. එවිට තෙල් වැඩිපුර වැය නොවේ.

9. ගෝවා මාළුව පිරිමසා ගැනීමට ප්‍රමාණවත් නොවේ නම් රාබු අල කිහිපයක් සිහින්ව කපාගෙන එයට එක් කරන්න. එයින් රසය ද වැඩිවෙයි.

10. මිරිස් දලු කරවල, හාල්මැස්සන් හා මිශ්‍රකර තෙලට දැමූ විට හොඳ කට ගැස්මකි

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.