Sponsored

Sponsored

අවුරුදු 35 න් පස්සෙත් ලස්සනට ඉන්න ටිප්ස් කිහිපයක්

feature-top
වයසට වඩා අඩු වයස් පෙනුමක් ලැබෙනවට කාන්තාවන් හරිම කැමතියි. ඒත් නිකන්ම එහෙම තත්වයක් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඔබ ඔබගේ රූ සපුව ආදරයෙන් රැක බලා ගන්නට ඕනා. ඉතින් හැමදාම කෙල්ලක් වගේ ඉන්න. මෙන්න මේ දේවල් කරලා බලන්න.
කොණ්ඩයේ වියලි බව නැතිකරගන්න

වියළි කොණ්ඩයක් කියන්නෙම ඔබේ තරුණ බව, දඟකාර බව, ඔබ වෙතින් පළා යවන සාධකයක්. අකීකරු, නිරෝගී කෙස් කළඹක් කියන්නේ තරුණ බව හඬගා කියන්නක්. රාත්‍රියේ උළුහාල් මිටක් පොඟන්නට දමා උදෑසන බ්ලෙන්ඩර් කර හිස කෙස්වල ආලේප කරන්න .විනාඩි කිහිපයකින් සෝදා හරින්න .හිසකෙස් වල වියළි බව මෙන්ම හැලෙන එකත් නවතිනවා .

නෑමට පෙර ඔලිව් තෙල් මදක් රත්කර හොඳින් හිස සම්බාහනය කර සෝදා දැමිමෙනුත් ඉහල ප්‍රතිපල අත්වෙනවා.
අකලට හිස කෙස් ඉදීම

බොහෝ තරුණියන් අවුරුදු තිහක් වෙද්දීම කොණ්ඩය ඉදෙන්නට පටන් අරන් .ඉතින් කෘතීම වර්ණ ගැන්වීම් වලින් හිසකෙස් වියලීම වැඩි නිසා ස්වභාවිකව අකලට කෙස් පැසීම නවතා ගන්නට හැකිනම් හොඳයි .දෙහි යුෂ ඉස්ම පොල්කිරි සමහ මිශ්‍ර කර අවුවේ කකාරා ගැල්වීම මේ සඳහා හොඳ ප්‍රතිකාරයක් .
 සමේ වියළි බව



දිනකට ජලය හැකිතරම් පානය කිරීම තමා මේ සඳහා හොඳම විසඳුම. අවම වශයෙන් දිනකට ලීටර් හයක්වත්.
සමේ පෝෂණය අඩුවීම

කොළ මැල්ලුම්, සලාද, විටමින් ඩි සහිත ආහාර වැඩිපුර ගැනීම මෙයට හොඳම ප්‍රතිකර්මයයි. මැල්ලුම් ගැනීමේදී එහි පෝෂ්‍ය පදාර්ථ විනාශ නොවන ලෙස යන්තමට මලවා ගැනීම ගැන සැළකිලිමත් විය යුතුයි.
වස විස ඉවතට

මී පැණි තේ හැන්දකට විනාකිරි තේ හැඳි බාගයක් එක්කර පානය කිරීමෙන් ශරීරයේ විස සහිත බව ඉවත් වනවා. උපරිම ප්‍රතිපල ලබා ගන්නට හිස් බඩට දිනපතා පානය කළයුතු වනවා .
සමේ පිරිසුදුකම

පිරිසුදු දීප්තිමත් සමක් කියන්නේ තරුණ බවේ තවත් එක කැපී පෙනෙන අංගයක් .ඉතින් ඔබේ සමේ ස්වභාවය හඳුනාගෙන එයට සුදුසු ප්‍රතිකාර ක්‍රම මඟින් සම නැවුම්ව ,පිරිසුදුව තබා ගැනීමේ වගකීම ඔබසතුයි .තෙල් සහිත නොවන සමක් ඇති අයට අලිගැට පේර සමග මී පැණි මිශ්‍ර කර ආලේප කිරීමෙන් ඉතාමත්ම හොඳ ප්‍රතිපල ලබා ගන්නට පුළුවන් .

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.